විගණන නිලධාරියාට මරණ තර්ජනය කළ කාන්තාවක් ඇතුළු 2ක් අල්ලයි රජයේ විගණන උප කාර්යාලයට අනුයුක්තව වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උප කාර්යාලයේ රාජකාරි කරන විගණන නිලධාරියකුගේ පෞද්ගලික නිවසට පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
මොණරාගල බඩඉරිඟු වවන්න තියෙන ඉඩම්වලට හරක් දාලා රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිතවතුන් මොනරාගල බඩ ඉරිගු වගා බිම් අක්කර දහස් ගණනක හරක් ගෙන ගොස් දැමීම නිසා ගොවීන්ට බඩඉරිඟු වගා කරගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
පොල් වගාවටත් හෙනහුරෙක් පාත්වේ කුරුණෑගල ඇතුළු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සුදු මැස්සාගේ රෝගයට ගොදුරු වී තිබෙන්නේ යැයිද කඩිනමින් නිසි පිළියමක් නොයෙදුවොත් ඉදිරියට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි යැයි ද සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
ජාතික අනු කමිටුවේ යෝජනා ලබන මස මැති සබයට මෙරට ආර්ථික ස්ථායීකරණයට වැදගත් වන නීති සහ යෝජනා ලබන මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 November 2022
ඇමති කාලෙ ජනපති අන්දවාගත් සිතුවමක් ඉසුරුපායේදී අතුරුදන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේ අමාත්‍ය කාමරයේ එල්ලීමට එච්.එස් සරත් ලවා තමා සිතුවම් කරගත් සැළලිහිණි සංදේශය පිළිබිඹු කරන විශාල චිත්‍රය දැන් අමාත්‍යංශයෙන් අතුරුදන් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 November 2022
අයින්ස්ටයින්ගේ - හෝකින්ස්ගේ බුද්ධිය පරදූ ලාංකික දැරිය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත. 18 November 2022
ශ්රවණාබාධිතයන්ටත් රියැදුරු බලපත්‍ර ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු රියැදුරු බලපත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසීය. 18 November 2022
පාසල් උපකරණ ගැන රජය ගත් අලුත් තීරණය සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල ඉහළ යන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 November 2022
ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ ඔක්කොටම තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
ඩයනාගේ මන්ත්‍රීධූරයට එරෙහි පෙත්සමට කරුණු කියන්න දින දෙයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමජ ක්‍රියාකාරිකයකු වන කේෂර හේරත් මහතා ගොනු කළ තිබූ රිට් පෙත්සම මෙම 28 වැනි දා තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කළේය. 18 November 2022
ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි . 18 November 2022
රෝහිණිගෙන් ගංජා ගීතයක් මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ. 18 November 2022
පුලතිසියේ කැබ් රථයක් ගැටෙයි මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ එරාවුර් හා වාලච්චේන දුම්රිය ස්ථාන අතරදී කැබ් රථයක් ගැටී අද (18) පෙරවරුවේ අනතුරක් සිදුවිය. 18 November 2022
වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි. 18 November 2022
දරුවන් සිරකිරීම අසාධාරනයි: අරගල කරලා එළවයි කියලා බය වෙන්න එපා ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 November 2022
ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 18 November 2022
කිරිඇල්ලගෙන් භූමිතෙල් ප්‍රශ්නයක් මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
බන්ඩි පෝර නැවකුත් එයි බණ්ඩි පොහොර හෙවත් MOP- Muriate of Potash මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 November 2022
බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 November 2022
අඩවි වන නිලධාරියා උන්ඩ සමග අල්ලයි බෝර දොලහේ තුවක්කු සඳහා යොදා ගන්නා පතුරොම් පහක් සමඟ අඩවි වන නිලධාරිවරයකු අද(18) අළුයම පූනෑව පොලිස් ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය කියයි. 18 November 2022
මව සහ දරු දෙදෙනා පැහැර ගත් සාජන් සහ බිරිය මාට්ටු වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 18 November 2022
ක්‍රීඩා ව්‍යාපෘති 13ක සල්ලි වතුරේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 18 November 2022
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 18 November 2022
සංචාරක වීසාවලින් ඕමානයේ ගෘහ සේවයට ගොස් අමාරුවේ වැටිලා සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය. 17 November 2022
වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්ත්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගලවැව සිරිධම්ම හිමියන් ගේ රඳවා ගැනීම තවදුරටත් දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ වෙවස්ථානුකුල නොවන බවත් එය ජාත්‍යන්තර වශෙයන් රටට අයහපත් ප්‍රතිඵල ගෙනදිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 17 November 2022
වෙලේ සුදාගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 November 2022
අර්ජුනගෙන් තිලංගට ලක්ෂ 250ක වන්දියක් මාධ්‍ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවට රුපියල් මිලියන විසිපහක වන්දියක් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට ගෙවන ලෙස නියෝග කරමින් ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) නියෝග කළේය. 17 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026