ආරච්චිකට්ටුව හිටපු සභාපති ඇතුළු තුනක් රිමාන්ඩ් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන හලකදි පුද්ගලයකුට පහර දී පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි හා අශෝභන ලෙස හැසිරුණු බව කියන ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 20 June 2022
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය. 20 June 2022
අරගලකරුවෝ විසිඑක් දෙනාට ඇප මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 20 June 2022
අයි.එම්.එෆ් නියෝජිතයින් දින දහයක් ලංකාවේ ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දින දහයක කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තීරණය කර ඇත. 20 June 2022
ගෑස් ටෙන්ඩරය ගැන ලිට්රෝ සමාගම පැහැදිලි කරයි වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 June 2022
අන්තරේ පා ගමන කොටුව දෙසට අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති. 20 June 2022
අ‘පුර ඉන්ධන හලක ඉන්ධන සඟවලා හමු වෙයි අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ප්‍රධාන නිළධාරී එම්. බී.සී.ඒ පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද (20දා) කටයුතු කලහ. 20 June 2022
ජනපති ලේකම්කාර්යාල පාර වැසූ පිරිස අධිකරණයට ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන එනු ලැබීය. 20 June 2022
ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටී.සෙන්හොන්ග් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය. 20 June 2022
‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘ දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට නම් ඖෂධ හිඟයට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්ධන පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 June 2022
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය. 20 June 2022
පිරවුම්හල්වලට පාතාලයෝ රිංගලා දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. 20 June 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේිදී පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(21) දවල් 12.00 ට පැවැත්වීමට නියමිතය. 20 June 2022
විරෝධතා නිසා අයි.එම්.එෆ් සාකච්ඡාවට පමා වෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බව වාර්තා වේ. 20 June 2022
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන හලට චෝදනාවක් මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම් හලේ් සේවකයන් හිතවත්කම් මත ඉන්ධන බෙදා හරින බව ඉන්ධන ලබා ගැනීම සඳහා දින අටක් තිස්සේ පොලිම්වල සිටින පිරිස පවසති. 20 June 2022
පදවියට දින 10කින් ඉන්ධන ලැබී නෑ පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින 10ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව අව් වැසි නොතකා පෙට්ල් එන තුරු පදවිය ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැදී සිටියද මෙතෙක් පෙට්ල් රැගෙන එන දිනයක් හෝ නොමැතිවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 20 June 2022
‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘ පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 20 June 2022
අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති. 20 June 2022
අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. 20 June 2022
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය 23 ක් යළි ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට අද (20 ) පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 20 June 2022
බස්නාහිරට - සබරගමුවට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2022
ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමයක් සකසයි වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 19 June 2022
විදුලි කප්පාදුව පැය දෙකහමාරක් වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (19) පැවසීය. 19 June 2022
‘‘ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන්න‘‘ පවතින දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 19 June 2022
විදුලි බිල ඩොලර්වලින් ගෙවන්න විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 19 June 2022
මීගහතැන්න ඉන්ධන හලේ කලබලයක් මීගහතැන්න පැලවත්ත ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී අහසට වෙඩි තබා එය වැළැක්වීමට සිදු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 19 June 2022
සැඟවූ ඉන්ධන ජනතාවට බෙදා දෙයි මාරවිල ලංසිගම මූදුකටුව ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් ලිටර් 13000 කට ආසන්න ප්‍රමානයක් බෙදා දිමට කටයුතු කළ බව මාරවිල පොලිසිය කියයි. 19 June 2022
ගංජා කිලෝ 543 උඩප්පුවෙන් අල්ලයි උඩප්පුව පෙරියපාඩු වෙරලේ නාවික හමුදාව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 145 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 543 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. 19 June 2022
අත්‍යවශ්‍ය සේවා රැසකට ඉන්ධන දෙන්න පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩ ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 19 June 2022
මූල්‍ය අරමුදලේ කට්ටිය හෙට එති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය. 19 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026