(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්‍රසිද්ධියේ එම සාක්කි ලබා ගනිමින් සිටියි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ගේ නිල මැදිරියේදී මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය කැඳවනු ලබන අතර දහවල් 12.30 ට පමණ එය ආරම්භ විණි.
මෙම සිද්ධියට අදාලව මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිය, ඔවුන්ගේ සමාගමක අධ්‍යක්ෂවරයකු වූ ත්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනකු මෙලෙස සාක්ෂි ලබාදීමට අධිකරණයට පැමිණ ඇත.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ අධිකරණ භූමියෙන් පිටව යන අයුරු

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ආයතනයේ සාක්ෂිකරුවෙක්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුවට වෙන්නේ මොකක්ද කියලා වැඩි දෙනාට දැන් පැහැදිලියි.