(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්‍රසිද්ධියේ එම සාක්කි ලබා ගනිමින් සිටියි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ගේ නිල මැදිරියේදී මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය කැඳවනු ලබන අතර දහවල් 12.30 ට පමණ එය ආරම්භ විණි.
මෙම සිද්ධියට අදාලව මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිය, ඔවුන්ගේ සමාගමක අධ්‍යක්ෂවරයකු වූ ත්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනකු මෙලෙස සාක්ෂි ලබාදීමට අධිකරණයට පැමිණ ඇත.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිඳ අධිකරණ භූමියෙන් පිටව යන අයුරු

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ආයතනයේ සාක්ෂිකරුවෙක්

2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි
Perera Wednesday, 04 January 2023 06:31 PM
ඔය නඩුවට වෙන්නේ මොකක්ද කියලා වැඩි දෙනාට දැන් පැහැදිලියි.