වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැලම වැද්දාගේ දැලට හසුවන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය. 22 June 2022
පොකුරු අකුණෙන් ගවරංචුව මරුට අම්පාර උහන ප්‍රියන්ගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන් එළගවයන් 31ක් මරණයට පත්ව ඇතැයි බක්කිඇල්ල පොලිසිය කියයි. 22 June 2022
කල්පිටියෙත් තෙල්වලට ගුටි ඇන ගෙන කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පොළිමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 22 June 2022
ණය පැහැර හැරියේ සැලැසුම් සහගතව - ඇමෙරිකන් බැංකුව කියයි ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ. 22 June 2022
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය. 22 June 2022
හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුනිකා ප්රේමචන්ද මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස වටලා මේ වන සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.විට විරෝධයක නිරත වෙති. 22 June 2022
රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. 22 June 2022
ධම්මික පෙරේරා දිවුරුම් දෙයි ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය. 22 June 2022
ප්‍රදේශ රැසකට වැසි රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2022
ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් වෙබ් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි. 22 June 2022
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි. 22 June 2022
ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. 22 June 2022
හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද සහභාගි වී ඇත. 22 June 2022
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි. 21 June 2022
රුසියාවෙන් උදවු ගන්න හැටි තානාපති කියයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 21 June 2022
උද්ධමනය සියයට 45 ක් දක්වා නගී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 June 2022
අධ්‍යාපන ගැටලු විසඳන්න ඩලස්ගෙන් යෝජනාවක් දරු පරපුරේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා(පොපෙ) සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් අද (21) පැවසීය. 21 June 2022
පෙරටුගාමී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩා පනී නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 21 June 2022
පුත්තලමට ගංජා ඇද්ද නාවුක බුද්ධි නිලධාරීහු දැලේ කේරළ ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු සැක පිට අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 21 June 2022
ලංවීම හිටපු සභාපති අනිද්දා කෝප් කමිටුවට කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම කමිටුව හමුවට අනිද්දා (23) කැඳවීමට තීරණය කර ඇත. 21 June 2022
ජනපති - අගමැති යා යුතුයි ජනාධිපති සහ අගමැති ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් අද සම්මත විය. 21 June 2022
පුත්තලමේ ගුරුවරුත් විරෝධයේ පුත්තලම ශාන්ත ඇන්ඩෘෘ විද්‍යාලයේ ස්ථාපන කර ඇති අ:පො:ස සමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරු රාජකාරීයට පැමිණීමට ඉන්ධන ඉල්ලා අද 21 දහවල් උද්ඝෝෂණය නිරත වූහ. 21 June 2022
ඩී.පී.ට එරෙහි පෙත්සම් පහම විභාගයට නොගෙනම ඉවතට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා දිවුම්රුම් දීම වළකමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය. 21 June 2022
ලබන සතියේ ඉන්ධන පෝලිම් අඩුවේවි පවතින ඉන්ධන අර්බුදය ලබන සතිය වන විට යම් තරමකට හෝ පාලනය කිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පෑලියගොඩ කුණු කඳු පළාත්ම ගඟ ගසයි පෑලියගොඩ පළතුරු වෙළෙපොලේ ඉතිරි පළතුරු සහ කැළිකසල මාස දෙකකට ආසන්න කාලයකින් ඉවත් නොකිරීම නිසා එම පරිශ්‍රය තුළ කුණු කඳු ගොඩගැසී තිබේ. 21 June 2022
තෙල් පෝලිමේ සිටි පිරිසට සුවනෙත හෙදියන්ගෙන් සංග්‍රහයක් ගොතටුව, ඉන්දියන් තෙල් සමාගමට අයත් පිරවුම්හල අසල අද (21) දිනයේත් දිගු පෝලිම් පැවති අතර, දින ගණනක් එම පෝලිමේ රැඳී සිටි පිරිස් වෙනුවෙන් ඒ අසල ඇති ‘සුවනෙත’ පෞද්ගලික අක්ෂි රෝහලේ කාර්ය මණ්ඩලය සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. 21 June 2022
වී අලෙවි මණ්ඩලයෙන් අලුත් හාලක් වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින’PMB Rice’’ලබන සතියේ කොළඹ නගරයේ ජනතාවට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
පැය දෙකහමාරක විදුලි කප්පාදුව තවත් දින දෙකක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (22 සහ 23) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පැවසීය. 21 June 2022
මැනිං මාකට් එකේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට පෑලියගොඩ මැනිං වෙළඳපොලේ පලතුරු වෙළෙඳ සලක් අසල දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 June 2022
යලට පොහොර 6 වැනිදා මෙරටට යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 65,000 ක පොහොර තොගයක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026