සුවසැරිය ගොඩගන්න මිලියන දෙසිය විස්සක් දෙන්න දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2022
‘පහසු ඇඳුම’ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නෑ රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවත් පාසල් ගුරුවරුන්ගේ ඇදුම් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි. 22 November 2022
සුබසාධන දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැහැ සුබසාධක දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 November 2022
විලෙන් මතුවුණු ගෝල්ඞ්ෆිෂ් යෝධයා ලෝකයේ ලොකුම ගෝල්ඞ් ෆිෂ් අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත්ව ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කරයි. 22 November 2022
විෂ මත්ද්‍රව්‍ය-අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 22 November 2022
කොන්සල් සේවා ගාස්තුත් ඉහළ දමයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශයේ සේවා ගාස්තු ඉහළ දැමීමට කිරීමට තීරණය කර ඇති බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය පවසයි. 22 November 2022
අලුගෝසුවාට දුන් සාදයක් ගැන කබීර් කියයි ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් ගුවන් තොටුපලේදි පා යුග සිඹ පිළිගැනීම එල්ලා මැරීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් පිරිනමනවා වගේ වැඩක් යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2022
එල්.ටී.ටී.ඊ සහ පාස්කු චෝදනා විමර්ශන කඩිනම් කරයි එල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. 22 November 2022
ආංශික කාරක සභා නාමලේඛනය මැතිසබයට අලුතින් පත් කෙරෙන ආංශික අධික්ෂණ අධීක්ෂණ කාරක සභා 17 සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කරනු ලැබීය. 22 November 2022
ඩලස් ඇතුළු 13නේ කණ්ඩායමත් අයවැයට විරුද්ධයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී නිදහස ජනතා සභාව ලෙස සංවිධානගතවී සිටින ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 13 දෙනාගේ කණ්ඩායමද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 November 2022
‘චොකලට්’ සහ ‘චිප්’ට අභය දානය ‘තෑංක්ස් ගිවිං’ හෙවත් තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැප වුණු කළුකුමන්ලා දෙදෙනකුට අභයදානය දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 22 November 2022
ඕමානය - එක්සත් අරාබි යන්න ස්වයං ලියාපදිංචිය අත්හිටුවයි ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 22 November 2022
නිදහස් දිනයේ උද්‍යාන නොමිලේ ලබන පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනයේ දී ජනතාවට උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 22 November 2022
මිනිස් ජාවාරමට සහය දුන් තෙවැනි ලේකම් අත්අඩංගුවට ගන්නවා මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි වාහාම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 22 November 2022
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි අරඹයි නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. 22 November 2022
බේරේ ව්‍යාපෘතියේ කෝටි 12ක් ගියේ කාගේ සාක්කුවටද? කොළඹ බේරේ වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා යන්ත්‍ර තුනක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව රුපියල් කෝටි විසි අටක ඇස්තමේන්තුගත පිරිවැයට වඩා රුපියල් කෝටි 12 ක් වැඩිපුර වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 22 November 2022
චීනයේ කම්හලක ගින්නට 36 ක් බිලිවෙති මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ කම්හලක ගින්නක් හටගත්තේය. ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූහ. තුවාල ලබා දිවි බේරාගත් ගණන දෙකකි. තවත් දෙදෙනෙකු අතුරුදන් බව පැවැසෙයි. 22 November 2022
අය වැය ගැන මහින්දගේ මතය කියයි අය-වැය විවේචනය කිරීමෙන් සහ අයවැයට විරුද්ධව ජනතාව උසි ගැන්වීමෙන් මේ රටට කිසිම පලක් ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 November 2022
සොලමන් දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය. 22 November 2022
පළාත් රැසකට අද වැස්ස නෑ ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2022
චන්ද්‍රිකා - නිමල් පක්ෂයෙන් පන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත. 22 November 2022
අයවැය දෙවන වර ඡන්ද විමසීම අද අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද(22) පස්වරුවේ පැවැත්වේ. 22 November 2022
ජාවා භූමිකම්පාවෙන් නිවාස 2200ක් සුන් භූමි කම්පාව හේතුවෙන් නිවාස 2200 හානි වී හෝ විනාශ වී ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ජාවා හි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පැවසුවේය. 22 November 2022
රෝහලේ කුණු වනසන්න දුන් මැසිමේ කෑලි ගලවලා විදේශීය හා දේශීය ණය ආධාර යටතේ සායනික අපද්‍රව්‍ය කළමණාකරනය සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට 2018 වසරේදි ලබාදුන් රුපියල් කෝටි 11.57 ක් (ඇමරිකන් ඩොලර් 701,336ක්) වටිනාකමින් යුතු මෙටා පයිසර් යන්ත්‍රයේ කොටස් ස්ථාපිත කළ සමාගම විසින්ම කිසිදු අවසරයකින් තොරව ගලවාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වේ. 22 November 2022
නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ ’ආර්ටිමිස්1’ පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ඇරැඹූ ’ඔරායන්’ චන්ද්‍ර යානය සඳට ලං වී ඇත. 22 November 2022
රූපවාහිනියේ ඉකුත් වසරේ පාඩුව කෝටි 23කට ආසන්නයි රූපවාහිනී සංස්ථාව 2021 වසරේදී විසි දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයක් පාඩු ලබා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 22 November 2022
කොස්ගොඩ තාරකගේ සොහොයුරා අල්ලයි පාතාල සාමාජිකයක් බව කියන කොස්ගොඩ තාරකගේ සොයුරකු බව කියන පාතාල සාමාජිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය කියයි. 22 November 2022
පුරාවස්තු සෙවූ 6ක් මාට්ටු පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් තණමල්විල ගලපිටිගල ප්‍රදේශයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වී ගල්තලාවක කොටසක කැනීම් සිදුකරමින් සිටි හිමිවරුන් තිදෙනකු ඇතුලු සැකකරුවන් 6 දෙනකු තණමල්විල පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 November 2022
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කොංග්‍රසය අභියෝගයට ලක් කරයි හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් සය දෙනාට නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කිරීමට ඉන්දීය කොංග්රස් පක්ෂය සුදානම් වන බව විදෙස් මාධ්‍ය පැවසුවේය. 21 November 2022
‘‘කේතය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා‘‘ ඉන්ධන බෙදාහැරීමේ කිව්.ආර්. කේත ක්‍රමය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය ගෙන නොමැති බවත් රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙන තෙක් කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026