ප්‍රමිතියක් නැති කන්ෙට්නර් ලක්ෂ 44 ක ටින්මාලු කාලා ශ්‍රී ලංකා ප්‍රමිත සහතික නොලත් (SLS) ආයතන 31කින් 2019 සිට 2021 ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන කෝටි 9.2ක් වැය කරමින් ආනයනය කළ ටින්මාලු බහාලුම් ලක්ෂ 44ක් කිසිදු නියැදි පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවකින් අනාවරණය වේ. 22 November 2022
විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල ගැන පුදුමයක් නෑ විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පිලිබද පුදුමයට පත් විය යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය. 22 November 2022
ලංකාවට ලැබුණ අලුත් නැව අධිකාරියට පත් කරයි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු’’ නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය. 22 November 2022
අලුත් කමිටු තුන පිහිටුවීමේ යෝජනාව හෙට මැතිසබයට පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත නව ස්ථාවර කාරක සභා තුන සදහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර ඇත. 22 November 2022
රාගමදී දුම්රිය සංඥා බිඳ වැටීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානයේ සංඥා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව නවතා තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. 22 November 2022
අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 37 කින් දිනයි අයවැය විසර්ජන පනත් කෙටුම්පත(2013) දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පස්වරුවේ සම්මත විය. 22 November 2022
රජයේ මුද්‍රණාල සේවකයෝ වර්ජනයක අතිකාල දීමනා කප්පාදු වීමේ ගැටලුවක් මුල්කරගනිමින් රජයේ මුද්‍රණාලයේ සේවකයන් අද (22) පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එහි වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය. 22 November 2022
අයවැය කිඩාරම් ගඳයි අයවැය නයි විස කැවූ කේක් ගෙඩියක් බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය. 22 November 2022
ඕමාන් සිද්ධියේ තැරව්කරුවන් රිමාන්ඩ් ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 November 2022
ඕමාන මිනිස් ජාවාරමට තවත් දෙදෙනෙක් මාට්ටු ඕමානයේදී මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් පල්ළෙකැලේදී සහ කුරුණෑගලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අත්අඩංගුවට ගත් බව විදේශ සේව නියුක්ති කාර්යංශය අද (22) පස්වරුවේ පැවසීය. 22 November 2022
ප්‍රා.සභාවල තරුණ නියෝජන සියයට 25ක් කිරීමට යයි පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 25ක් අනිවාර්ය වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 22 November 2022
ධීවරයන්ට දිනකට භූමි තෙල් බවුසර් 50ක් නිකුත් කරයි ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට භූමිතෙල් බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. 22 November 2022
වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම අහිමි වන නීතියක් මැතිවරණයකදී අපේක්ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 22 November 2022
විභාගය අවසන් වී බියර් ගහලා පානදුර වෙරළ තීරයේ අද දහවල් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාසල් නිළ ඇදුමෙන් බියර් පානය කරමින් සිටී පාසල් සිසුන් පස්දෙනකු පොලිස් බාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි. 22 November 2022
බඩ ඉරිඟු බීජ ලොකු තොගයක් ලංකාවට ලැබෙයි විදේශ ආධාර මත ඇමරිකා ඩොලර් 367,550ක් (ශ්‍රී ලංකා රුපියල් 133, 604, 425) වටිනාකමකින් යුත් දෙමුහුන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක තොගයක් අද (22) පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 22 November 2022
ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමාර්ග පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය කිසිවකු හෝ විනාශ කරන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2022
පාසල් ළමුන් වෙනුවෙන් රජයට නැති විසදුම් අපි ළඟ තිබෙනවා පාසල් ළමුන් වෙනුවෙන් ආණ්ඩුවට සාධනීය පිළිතුරක් නොමැති වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා ළඟ ඊට විසදුම් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 22 November 2022
කෙහෙළියට තවත් නඩුවක් තමා ළමා මන්ද පෝෂණය පිළිබඳ සිදු කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ජන මාධ්‍ය මගින් ප්‍රචාරය වූ තොරතුරු පදනම් කරගනිමින් නීතියට පටහැනිව වැඩ තහනමට ලක් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සංජීව චමල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙළේය. 22 November 2022
ගෝඨාභය ගෙනාවට වියතුන් වගකිවයුතුයි දේශපාලනය නොදන්නා සහ නොතේරෙන ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒම ගැන වියතුන් වගකිවයුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2022
සිමෙන්ති කොට්ට 2000ක් කප්පම් ගත් මන්ත්‍රී කවුද? ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙකුගේ ගෝලයන් පිරිසක් පුත්තලමේ සිමෙන්ති කම්හලකින් ඉවත් කළැයි කියන ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සිමෙන්ති කොට්ට දහසක් දෙදහසක් අදාල මන්ත්‍රීවරයාට පරිත්‍යාග කරන්නට සිමෙන්ති කම්හලට සිදුවූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2022
වැලි කැණීම් සියයට හතළිහක් හොරට සිදුවනවා ඉහළ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා කලාපයන් හේතුවෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රටේ දූෂිතම ආයතනයක් බවට පත්ව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතියේ සභාපති භූ විද්‍යාඥ ඒ. එස් ජයකොඩි මහතා කොළඹ දී පැවසීය. 22 November 2022
ත්‍රිකෝණමඩු වන විනාශය නවතයි පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට යාබදව සූරියවැව ගම්මානයට නුදුරින් පිහිටි රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වන විනාශය තාවකාලිකව නතර කිරීමට තමන් අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය. 22 November 2022
අයවැයේ ඇත්තේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණයි අයවැයේ තිබුණේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණක් බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 November 2022
දේශගුණ විපර්යාස ගැන ජාත්‍යන්තර සහය ගන්න රුවන් සාකච්ඡාවක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානී ෆිලිප් ලූසී (Phillip Loosli) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 22 November 2022
පහසු ඇදුම් චක්‍රලේඛය නැවත හරි ගස්සන ලෙස දැනුම් දුන්නා පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 November 2022
යුපුන්ට රුපියල් කෝටි තුනහමාරක ප්‍රදානයක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්රදානය කළ ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පිරිනැමීය. 22 November 2022
කෙහෙළිය ඇතුළු තුනකට රටින් පිටවීම තහනම් අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කොන්දේසි සහිත විත්තිකරුවන් ඇපමත මුදා හැරීමට නියම කළේය 22 November 2022
මත් කරල් එක්ක අයෙක් මාට්ටු මහපරිමාණයෙන් මත්කරල් ජාවාරමේ නිරත සැකකරුවකු මත්කරල් 78,000 ට අධික ප්‍රමාණයක් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 22 November 2022
ඇඳුම වෙනස් කළ ගුරුවරියන් ගැන විනය පියවර ගත යුතුයි සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විනය පියවරක් ගත යුතු බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 22 November 2022
ආණ්ඩුව ගන්න යන ණය අනුර හෙළිකරයි ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026