(ළහිරු හර්ෂණ)

දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් 2009 ජනවාරි 08 වැනිදා එල්ලකල වෙඩි ප්‍රහාරයකින් මියගිය සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ දි සිදු කළේය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානට ආ ඒ මහතාගේ පවුලේ ඥාතීන්, හිතමිතුරන් පිරිසක්ද පුෂ්පෝපහර පුදා ගුණානුස්මරය කළහ.