IMG-LOGO

එජාපය ,පොහොට්ටුව පොදු ළකුණකට

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද ඇතැම් ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරඟ කරන බව කී එජාප මහලේකම්වරයා ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරඟ කරන බවත් සඳහන් කළේය.

අලියා ලකුණින් තරඟ කරන ආයතන මොනවාද? පොහොට්ටුවෙන් තරඟ කරන ආයතන මොනවාද?සහ පොදු ලකුණකින් තරඟ කරන ආයතන මොනවාද යන්න පිළිබඳව පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා (10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවද රංගේ බණ්ඩාර මහතා කීය.

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ දෙකේ ඉහළ නිලධාරීන් කොළඹදී අද (8) ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද පොදු ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙි.

අදාල සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවී කරුණානායක මහත්වරුන්ද පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ මහත්වරුන් ද සහභාගි වී තිබේ.

 



අදහස් (12)

එජාපය ,පොහොට්ටුව පොදු ළකුණකට

ලංකාපුත්‍ර Monday, 09 January 2023 06:17 AM

සජිත්ට ඉහළින්ම ජයක් ලැබීමට ඔය තීරණය හේතුවක් වෙනවා එනිසා සජබ පාලක පක්ෂය වෙලා ජාජබ විපක්ෂයේ නායකත්වයට පත්වෙනවා ඔහේලට ඇපත් නැතුව යනවා රටට ඉමහත් සේවයක් වීමට ඔබලා ගන්නා තීන්දුව ඉතාමත් හොදයි සජිත්ට සජබෙට ජයවේවා

:       3       8

jay Monday, 09 January 2023 07:02 AM

මේපාර ඒකට තියල ගෙදර යවන්න ඔනෙ සෙට් එකක්. නැත්තම් වොඩ්කත් වතුර වෙනවනෙ

:       0       4

Perera Monday, 09 January 2023 07:46 AM

මුන් එකෙකුටවත් චන්දයක් කිසි දවසක දෙන්න එපා

:       1       4

Saman Monday, 09 January 2023 09:06 AM

හැම පාරම වගේ මේ පාරත් පටන් ගන්න මොනවා කරන්නත් බලේ ගන්න එපැයි.

:       1       12

sharm warn Monday, 09 January 2023 10:10 AM

අපිට කියන්නකො පොදු ලකුන හදල දෙන්නම් සුපිරියටම ගැලපෙන්න.. ආයෙ නෑ.. දෙගොල්ලම නියෝනය කරල දෙන්නම් එකම රුපෙන්..

:       0       8

Sunil Monday, 09 January 2023 10:12 AM

රට කාබාසිනියා කල දෙපාර්ශවයම එක්සත් වන වගයි

:       0       12

kamal Monday, 09 January 2023 10:39 AM

අලියා පොහොට්ටුව කෑවාම එළියට එනදේ ඡන්ද ලකුණට ඉතාම හොඳයි. ඒකෙන් අලියගේත්, පොහොට්ටුවේත් සුසංයෝගය මැනවින් හුවා දක්වනවනේ...

:       1       11

විමල් Monday, 09 January 2023 12:42 PM

දැනට අලියගෙ පිටේ නැත්නම් කුම්බස්තලයේ තබාගෙන තියෙන පොහොට්ටුව ඊළඟ වතාවේ අලියගේ බඩේ කියලා නේද කියන්නෙ? අලියා ගිල්ල දිවුල් ගෙඩිය මතක් වෙනවා..

:       0       3

කිරිපුතා Monday, 09 January 2023 10:48 AM

මෙයාලට ඕන රට ගොඩ නගන්න නෙවෙයි මොකක් හරි වෙට්ටුවක් දාලා බලයට එන්න. එහෙම ඇවිත් කාගෙන කාගෙන යන්න.

:       0       14

Nihal Monday, 09 January 2023 01:30 PM

රටවැසියනි, අපේ රට බංකොළොත් කරපු පොහොට්ටුවෝ සහ මහබැංකුවෙන් හොරාකාපු එජාප කාරයින් අතුගාදමන්න හොඳම වෙලාවේ අපි විඳින්නේ, විඳපු ජීවිත සටනේ අමතක නොකරන්න.

:       0       1

Hafeel Monday, 09 January 2023 02:20 PM

මම නම් යෝජනා කරන්නේ පොදු ලකුණක් හැටියට මහ බැංකු ගොඩනැගිල්ලත්, සුනාමි රැල්ලත් එකට නිර්මාණය කළා නම් හොඳයි කියලා. එතකොට ප්‍රධාන හොරුන් දෙදෙනාටම අසාධාරණයක් වෙන්නේ නැහැ. නායක හොරුන් සහ ගෝලයෝ හොරුන් ඔක්කොම එකට සංධාන ගතවන නිසා, ගෝලයන්ටත් අසාධාරණයක් නොවෙන්න විදියට ආණමඩුවට වොඩ්කා බෝතල ලකුණින් සහ අනිකුත් පළාත්වලට ඒ ඒ හොරුන්ට ආවේනික ලකුණින් තරගකළා නම් වඩා හොඳයි. එතකොට ඡන්ද දායකයින්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්...

:       0       1

senaMonday, 09 January 2023 05:34 PM

හොඳ යෝජනාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site