(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද ඇතැම් ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරඟ කරන බව කී එජාප මහලේකම්වරයා ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරඟ කරන බවත් සඳහන් කළේය.
අලියා ලකුණින් තරඟ කරන ආයතන මොනවාද? පොහොට්ටුවෙන් තරඟ කරන ආයතන මොනවාද?සහ පොදු ලකුණකින් තරඟ කරන ආයතන මොනවාද යන්න පිළිබඳව පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා (10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවද රංගේ බණ්ඩාර මහතා කීය.
පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ දෙකේ ඉහළ නිලධාරීන් කොළඹදී අද (8) ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද පොදු ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙි.
අදාල සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවී කරුණානායක මහත්වරුන්ද පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ මහත්වරුන් ද සහභාගි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට ඉහළින්ම ජයක් ලැබීමට ඔය තීරණය හේතුවක් වෙනවා එනිසා සජබ පාලක පක්ෂය වෙලා ජාජබ විපක්ෂයේ නායකත්වයට පත්වෙනවා ඔහේලට ඇපත් නැතුව යනවා රටට ඉමහත් සේවයක් වීමට ඔබලා ගන්නා තීන්දුව ඉතාමත් හොදයි සජිත්ට සජබෙට ජයවේවා
මේපාර ඒකට තියල ගෙදර යවන්න ඔනෙ සෙට් එකක්. නැත්තම් වොඩ්කත් වතුර වෙනවනෙ
මුන් එකෙකුටවත් චන්දයක් කිසි දවසක දෙන්න එපා
හැම පාරම වගේ මේ පාරත් පටන් ගන්න මොනවා කරන්නත් බලේ ගන්න එපැයි.
අපිට කියන්නකො පොදු ලකුන හදල දෙන්නම් සුපිරියටම ගැලපෙන්න.. ආයෙ නෑ.. දෙගොල්ලම නියෝනය කරල දෙන්නම් එකම රුපෙන්..
රට කාබාසිනියා කල දෙපාර්ශවයම එක්සත් වන වගයි
අලියා පොහොට්ටුව කෑවාම එළියට එනදේ ඡන්ද ලකුණට ඉතාම හොඳයි. ඒකෙන් අලියගේත්, පොහොට්ටුවේත් සුසංයෝගය මැනවින් හුවා දක්වනවනේ...
මෙයාලට ඕන රට ගොඩ නගන්න නෙවෙයි මොකක් හරි වෙට්ටුවක් දාලා බලයට එන්න. එහෙම ඇවිත් කාගෙන කාගෙන යන්න.
රටවැසියනි, අපේ රට බංකොළොත් කරපු පොහොට්ටුවෝ සහ මහබැංකුවෙන් හොරාකාපු එජාප කාරයින් අතුගාදමන්න හොඳම වෙලාවේ අපි විඳින්නේ, විඳපු ජීවිත සටනේ අමතක නොකරන්න.
මම නම් යෝජනා කරන්නේ පොදු ලකුණක් හැටියට මහ බැංකු ගොඩනැගිල්ලත්, සුනාමි රැල්ලත් එකට නිර්මාණය කළා නම් හොඳයි කියලා. එතකොට ප්‍රධාන හොරුන් දෙදෙනාටම අසාධාරණයක් වෙන්නේ නැහැ. නායක හොරුන් සහ ගෝලයෝ හොරුන් ඔක්කොම එකට සංධාන ගතවන නිසා, ගෝලයන්ටත් අසාධාරණයක් නොවෙන්න විදියට ආණමඩුවට වොඩ්කා බෝතල ලකුණින් සහ අනිකුත් පළාත්වලට ඒ ඒ හොරුන්ට ආවේනික ලකුණින් තරගකළා නම් වඩා හොඳයි. එතකොට ඡන්ද දායකයින්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්...