(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බව කී එජාප මහලේකම්වරයා එසේ නොවන පළාත් පාලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත් කැඳවා ඇති හෙයින් මෙි වන විට අපේක්ෂකයින්ගේ නාම ලේඛන සකස් කරමින් පවතින බව මහලේකම්වරයා පැවසීය.
මෙහිදී දක්ෂතා ඇති අලුත් අයට වැඩි තැනක් ලබා දෙන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකකින්ම අන්ත පරාජයක් නියතයි
මුන් එකෙකුටවත් කිසිම දවසක චන්දයක් දෙන්න එපා.