(පැතුම් දර්ශන)
උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී අද (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ගුරුවරුවරයෙකි. සැකකරුටද එවැනිම වයසේ දියණියක් සිටින බව පොලිසිය කියයි.
අතවරයට ලක්වූ දැරිය ද සැකකාර ගුරුවරයා විසින් පැවැත්වු එම උපකාරක පන්තියට සහභාගි වී ඇති බව පවසන පොලිසිය එහිදී මෙම අතවරය සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කියයි.
පන්තිය පැවති අවස්ථාවේ දී තමන් අතවරයට ලක්කළ බව දැරිය විසින් එදිනම නිවසට පැමිණ මව්පියන්ට පවසා ඇති බවත් දැරියගේ මව්පියන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිහඬව සිට ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන තිරිසනෙක්ද. ගුරුවරයෙක් කියන එකත් පවක්. උපරිම දඩුවම් දෙන්න ඕන.
දෙමව්පියන්ව එල්ලන්න ඕනේ ඉස්සෙල්ලම.