(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
2018 වසරේදී අතර මග නවතා දැමුණු සාකච්ඡාවල තුන්වැනි වටය ආරම්භ කිරීම සඳහා තායිලන්ත නිලධාරීන් එළඹෙන සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
ශ්‍රී ලංකාව සමඟ 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක පමණ ද්විපාර්ශ්වික වෙළඳාම් කටයුතු සිදුකළ චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පෙබරවාරි,මාර්තු මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කේ.ජේ. වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා වැදගත් වන ආර්ථික හවුල්කාරීත්වය ඇති කර ගැනීම සහ මෙරටට ආයෝජන ලබා ගැනීමේ අවස්ථා පුළුල් කර ගැනීම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණ බවත් මෙම වසර අගදී හෝ 2024 වසර මුලදී චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීම තමාගේ ඉලක්කය බවත් වීරසිංහ මහතා පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටවල් තුනක් සමග වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා
ganegoda Friday, 06 January 2023 02:18 PM
මේ දවස්වල විකුණන්න තියෙන්නේ කාන්තාවන් පමණයි නේද?
chandima Friday, 06 January 2023 06:56 PM
සාකච්ඡා ඉවර වෙද්දි ඊළඟ ඡන්දෙට කාලේ හරි නේද?