IMG-LOGO

දළදා වහන්සේට අපහාස කළ අයකු අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෙල්ලන්විල මයුර මාවත ඔහුගේ නිවසේදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසයි.

මේ ආකාරයට කටයුතු කිරීම 1958 අංක 41 දරණ ආගම් විරෝධී ප්‍රකාශන පනතේ පවතින නීතිමට තත්ත්වය අනුව දඩුවමක් ලැබි හැකි වැරදි බවත්, මෙම පනත්වලට අදාල වැරදි සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වීම හේතුවෙන් මොවුන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (15)

දළදා වහන්සේට අපහාස කළ අයකු අල්ලයි

ජනක Thursday, 05 January 2023 09:01 PM

අවුරුදු 10ක් නොවේ එල්ලන්න ඕන මේ අධමයව.

:       8       8

පිටිගල මිලානෝ Thursday, 05 January 2023 09:30 PM

සේපාල්ට අත නොතබනු….!

:       13       9

පිටිගල මිලානෝ Thursday, 05 January 2023 09:32 PM

කරුනා අම්මාන්ද ඇල්ලුවේ….? ඇයි එයානේ බෝම්බේ ගැහුවේ….?

:       10       10

Shammi Thursday, 05 January 2023 09:42 PM

නැති ඉටි ගෙඩියක් වෙනුවෙන් මිනිස්සු හිරේ දමන අමන රට නැති ඉටි ගෙඩියට බෝම්බ ගහපු එකා පාර්ලිමේන්තු යවයි

:       10       7

Prabha Thursday, 05 January 2023 10:16 PM

දන්ත ධාතුව ඌරු දතක් කියලා කියපු කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද?

:       5       10

යෝගා Thursday, 05 January 2023 10:19 PM

රැවුලයි කොණ්ඩෙයි කපලා පුනරුත්ථාපනය කරන්න. කොහොමත් අදාල රටකින් මිනිහට දැනටමත් වීසා ලෑස්ති වෙලා ඇති. NGO හුරතලෙක්නේ.

:       6       13

Ruwan Thursday, 05 January 2023 10:40 PM

නාකි රැවුලා ට හොඳම වැඩේ

:       7       11

මැක්ස් Thursday, 05 January 2023 11:28 PM

"භාෂණයේ නිදහස දියව්", "ප්‍රජාතන්ත්‍රවාදය දියව්" වගේ බෝඩ් ලෑලිකාරයන් ගෙන් සහ මෙයාගේ "රෝං ජෙනරේෂන්"ගෝල බාලයන් ගෙන් දැන් ඉතින් අපට කණ පැලෙන්න අහ ගන්න වෙයි.

:       3       12

Athula Friday, 06 January 2023 12:10 AM

ඔහු අපහස කලාම නොවේ ඔහු කියන්නෙ බුද්ධ ධර්මය ඉගෙනගන්න මේවා ජනතාව කොටුකර තියන්න හදන වැඩ... සමන්ත බද්‍ර තමයි දළදාවේ තියෙන්නේ ඌරු දතක් කියලා කිව්වේ. කෝ ඌට මොකද කලේ යකෝ ධර්මය ඉගෙන ගනිල්ලා ... ධාතු කරතියන් යන්නෙ තක්කඩි කමට

:       10       11

Demuni Uduwara Friday, 06 January 2023 05:17 AM

පසුගිය ජනාධිපතිවරණ සමයේ නාගදීපයෙන් ධාතූන් වහන්සේ ගෙන්වූ කැලණි විහාරාධිපති ගැන කවර කතාද !

:       7       6

කැලුම් Friday, 06 January 2023 06:18 AM

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ගේ ප්‍රධාන අරමුණ හොඳ විදේශ රටක සරණාගත බාවය ලබා ගැනීමටයි. මේ තැනත්තා දිගටම කලේ ගේම ඉල්ලීමයි....... මොහුට අවශ්‍යව තිබූ පලවෙනි කඩඉම අත් අඬංගුවට පත්වීමයි.

:       5       14

banda Friday, 06 January 2023 01:28 PM

දැන් ලංකාවේ දැවෙන ප්‍රශ්නය දළඳාවද

:       6       10

sam Friday, 06 January 2023 02:17 PM

සේපාල හොඳ වැඩත් කළා. එහෙම ජනප්‍රිය වෙනකොට මේකා හිතුවා ඕනිම දෙයක් කියන්න, ඕනිම දේකට අපහාර කරන්න මිනිහට ලයිසන් දීලා තියෙන්නේ කියලා. එහෙම හිතලා හැමදේකටම, හැමෝටම නෙලන්න ගත්තා. ඔන්න ඕක තමා සේපාල උන්නැහැ කියන්නේ තමුන් කියන හැම දේම හරි කියලා අනික අය කරනහැම දේම වැරදි කියලා හිතාගෙන තමුන් කළේ JVP එක හැරෙන්න අනෙක් හැමෝම, හැම පක්ෂයක්ම, හැම කෙනාවම විවේචනය කිරීමයි. ඒකෙ කර්මෙ තමුන්ගේ පස්සේ ඇවිල්ලා. තමුන් හිතුව තනියම ලොක්කා වෙන්ඩ. මං හිතන්නේ තමුන් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න නාකි සෙට් එක වගේම යන්නේ කොහෙද මල්ලෙ පොල්. එලෝ විකාරෙන් මෙලෝ අතගානව. අඩුගානේ ආගමකට අගෞරව කරන්න හොඳ නැහැ කියලවත් දන්නේ නැති තමුන් කොහෙද හොඳ මාධ්‍යවේදියෙක් වෙන්නේ. අන්තිමට තමුන් මැට්ටෙක් කියලා ලෝකෙට පෙන්නුවා. දැන්වත් හැදෙන්න උත්සාහ කරනවා.

:       1       1

සෙනෙවිරත්න Friday, 06 January 2023 03:06 PM

දළදාවෙන් ගසා කන උන්ට මොනවද දෙන දඩුවම් ?

:       0       0

siri Friday, 06 January 2023 03:37 PM

" ලබ්බ " කියනේ " විශාල ප්‍රමාණයේ දෙයක් " කියලලු ශබ්ධ කෝෂයේ සඳහන් වෙන්නේ. අර "ලබ්බේ තොවිලේ " වගේ. අපේ බන්දුල ගුරුතුමාගෙන් අහල බැලුවනම් හොඳට විග්‍රහ කරලා දෙයි. මතකනේ වාසු කියපු දෙයක් "මඩිස්සලේ" වුන කතාව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site