(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු එළඹෙන ජනවාරී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 800 ක මුදලක් ද, විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ඕනෑම ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 3000 ක මුදලක්ද, යම් අපනයන ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 8000 ක මුදලක් ද, වෙනත් යම් ලේඛනයක් සත්‍යාපනය කිරීමේදී රුපියල් 1200 ක මුදලක් ද නව සංශෝධිත ගාස්තු යටතේ අයකරන බව එම නිවේදනය දැක්වේ.
විදේශගත ශ්‍රී ලාංකිකයින් සදහා අදාළ වන සංශෝධිත ගාස්තු දැනගැනීම සදහා 2022.11.16 දිනැති අංක 2306/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අවධානය යොමු කරන ලෙස එම නිවේදනයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි
මහසෙන් Friday, 30 December 2022 07:01 PM
මේ විදිහට ගාස්තු වැඩි කළාම, මේකේ ඉන්න ඔක්කෝම ජරා පප්පලාත් ඔවුන්ගේ රේට් වැඩිකරයි...