
(අංජුල මහික වීරරත්න)
රුපියල් 55ට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන කොළඹ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ලේ දී අඩු මිල බිත්තර මල්ලක් මිලදී ගත්තේය.
වෙළෙඳ පොළේ බිත්තර මිල රුපියල් 65-70 දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වලින් ඉල්ලිමක් කළේය.
ඒ අනුව කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩ පිළිවෙළ අද (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආරම්භ විය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට අපේක්ෂිත බව එම සංගමය පැවසීය.
මීට අමතරව මෙම මස 30 දින ගාල්ල හා මහනුවර නාගරික ප්‍රදේශ තුළ බිත්තර අලෙවි කිරීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු... ආර්ථික ප්‍රශ්නවලින් බැටකන මනුස්සයෙක්...
"මුදලාලි මහත්තයෝ, ඔතැන කුණු බිත්තර තියෙනවා නම් දෙගුණයක් ගෙවලා මම මේ දැන් ගන්නවා. ගොදුර කඩේ ළඟටම ඇවිල්ලා. මට හරි ආසාවක් තිබෙනවා මේ දූෂිත දේශකාපාලුවන්ගේ ඔලුව කුණු බිත්තර වලින් නාවන්න..".. රට වනසලා තවත් වනසමින් ... කැලෑ කපන්න මේ දැනුත් මෙයා අවසර දෙනවා. දැන් දන්නවා අනාගතයක් නැහැ කියලා. ඒනිසා සූරාගෙනම කනවා. අමරවීර මේ අහනවා ආණ්ඩුව වැටුණු දාට ඔයාගේ වටේ ඉන්න සෙකියුරිටි බට්ටන් ආපහු පොලිසිවලට යන්න ඕනෑ. මිනිස්සුන්ට අහුවුණොත් තමන්ව සම්බෝල තමයි.
මෝඩයින්ව රවටන බොරු ජවනිකා මේවා...
ඇමති බිත්තරයක් ගන්නවා වගේ කිසිම වැදගත් කමක් නැති පුවත් පත්තරේට ලියන පිරිස් හා ඒවා පලකරන මහත්වරු අහිංසක මිනිස්සු කෑමට යමක් කමක් මිලට ගන්න විදින දුක පත්තරේ නොදාන්නෙ මොකද කියලා අහන්න කැමතියි
මේ ඇමතියා නම් හැමදාම රටට විහිළු සපයන්නෙක්... යකෝ දෙන ඛිත්තරයක් මුලුරටම දෙන්නකෝ... ජනතාව ගොනාට අන්දන්නේ නැතිව...
"ගන්න සර් මේ ලොකුම බිත්තර , මෙතන බිත්තර 15 ක් තියෙනවා ..." " හොඳයි..හොඳයි..හි හි බොහොම ඉස්තුතියි.. " "..සර්...සල්ලි..? " " ආ ..ඒවා අපිට කොහොම කරගන්න බැරිද..? අපි අඳුරන්නේ නැති අය නොවෙයිනේ...හි...හි " " ඔහේව හොඳට අඳුරන නිසා තමයි අත්පිට මුදල් ඉල්ලන්නේ.. අද සල්ලි ඕනෑමයි. අපි සල්ලි ඉල්ලාගෙන ඔහේගේ ගෙදරට ආවොත් උසි ගන්වනවා. එහෙම නැතිනම් සෙකියුරිටි අයව උසි ගන්වනවා... ඒ සෙල්ලම් වලට අපි අහුවෙන්නේ නැහැ දැන්. කන පලාගන්නේ නැතිව දෙන්න බිත්තර මල්ල ආපහු.. බිත්තර ඕනෑනම් දෙන්න සල්ලි...!!!
රුපියල් 16-18 වගේ තිබිච්ච බිත්තර 60 වෙනකල් යන්න ඇරලා, රුපියල් 5ක් අඩුකරලා, ජනතාවට සහන දෙන ගොබ්බයින්ගේ ඇමැතිලා.. ජනතාවනි, මෙයාලාට සාධාරණයක් කළා නම්...!
දැන් එතකොට බස්නාහිර පළාතේ අයට විතරද අඩුමිලට බිත්තර කන්න පුළුවන්..? මුළු රටටම අඩුමිලට ගන්න පුළුවන් විදිහක් හදන්න...
මහරගම : රු 62 /- දිනය 30/12/2022. අනික් නගර කොහොමද?