(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත් බව කී අමාත්‍යවරයා ජනතාව කිසියම් හේතුවක් මත සිවුවැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා එම තත්වය ඇති වූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේබි හමුදාව දාගෙන හම්බන්තොටට ගැහුවේ ෆයිසර් ඡන්දේ ගන්න බලාගෙන... ඒ වෙලේ වෙන පළාත්වල මිනිස්සු ඕනෑතරම් කැමැත්තෙන් හිටියා ෆයිසර් ගන්න බලාගෙන.
කිසියම් හේතුවක් මත? කිසියම් දෙයක් නෙවෙයි, මේ එන්නත 3 වැනි මාත්‍රාවට ගත්ත අයට එන්නත අවුල් වෙලා ලේ කැටි ගැසීම් ඇතිවුණා. සමහරු මැරෙන්නම ගිහින් බේරුණා... සමහරු මැරුණා. කිසිම වෛ්යෛවරයෙක් මේ ගැන අඩුගානේ දත්ත විශ්ලේෂණයක් කරන්නේ නැතිව කටවල් වහගෙන ඉන්නවා. මිනිස්සු තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා එන්නත නොගෙන හිිටියා. ඇමැතිට මොකද? මැරෙන්නේ එයාලගේ සනුහරේ නෙවෙයිනේ...!