(සුජිත් හේවාජුලිගේ )
විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව බිය වැද්දීමට තමා එකඟ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.
විදුලි බිල සම්බන්ධයෙන් මහජනතාව බිය වැද්දීමට කිසිසේත්ම එකඟ වෙන්න බැහැ. වැඩි කරන්න නොදුන්නෙත් විදුලිය කපනවා කියන කතාව අසාධාරණයි. එහෙම තර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම මේ රටේ මහජනතාව අත්අඩංගුවට ගැනීමක්
ලංකා විදුලිබල මණ්ඩලය අයිති බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ටෙන්ඩර් කමිටු සභාපති වරයා කෝප් කමිටුවට ඇවිත් පිළිගත්තා. ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන වැරදි සහ අක්‍රමිකතා සිදු වුණු බව. විගණකාධිපතිවරයා පෙන්වා දීපු කරුණු ඇත්ත බව .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ චෝදනා ලද ජනතාව ප්‍රතික්ෂේප කිරීමට නියමිත දේශපාලකයෙක්...!
මෙයා කටින් බතල කොළ හිටවන්න කියාපු පොර. හිතන් හිටියේ වැඩකාරයෙක් කියලා. මෙයා හොඳ ගොඩ ඉඳන් පිහිනන්න පුරුදු කරන්න මිසක් ඇමැතිකමක් දරන්න නෙමෙයි. මෙයා හොඳයි ආඬි හත්දෙනාගේ කැඳ හැලියෙ කතාවේ, නායක ආඬියා කරන්න. මෙයා වැඩ්ඩෙක් නම් පහුගිය මාස 6 ඇමැතිකම් අරගෙන කරලා පෙන්නන්න තිබුණානේ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ. මේ වගේ අය හින්දා තමයි රටක් දියුණු වෙන්නේ නැත්තේ. කොච්චර වුණත් තියෙන්නේ අනුන්ව විවේචනය කරන එක විතරයි.