(යොහාන් භාසුර)

ඉන්දියාවේදී ලබන ජනවාරි මස 3 වැනිදා ආරම්භ වන තරග සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ විස්සයි 20 පිලේ උප නායකයා ලෙස වනිඳු හසරංග නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඉදිරි පෙළ පිතිකරු චරිත් අසලංක මීට පෙර මෙම කණ්ඩායම් දෙකේම උප නායකයා ලෙස කටයුතු කළේය.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක තව දුරටත් මෙම කණ්ඩායම් දෙකේම නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිත:

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (එක්දින කණ්ඩායම - උප නායක), වනිඳු හසරංග (විස්සයි20 - උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, භානුක රාජපක්‍ෂ (විස්සයි20), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (එක්දින), චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු (එක්දින), දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර සහ නුවන් තුෂාර (විස්සයි20)