(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදුලි බිල්පත් වලට 10% සිට ඉහළට විශේෂ වට්ටම් ලබා දෙන බව පවසා විවිධ තරාතිරම්වල පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වංචා කළ තරුණයකු කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය කියයි.
විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු පාරිභෝගිකයන් රැසක් රවටා ඇති බව විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද පැමිණිල්ලක් අනුව ඒ යටතේ තිබෙන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු තමන් ව්‍යාපාරිකයකු හා පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් සෙසු පුද්ගලයන්ට හඳුන්වා දී මෙම වංචාව මාස තුනක් පමණ කාලයකදී විවිධ ආයතන සහ පුද්ගලයන්ගෙ 400කට ආසන්න ප්‍රමාණයක විදුලි බිල්පත් ගෙවන මුවාවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.
කැසිනෝ ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු එහිදී හමුවන උසස් ව්‍යාපාරිකයන් සමඟ මිතුරු වී තමන් හොඳින් දන්නා හඳුනන කැසිනෝ සෙල්ලම් කරන ඉන්දියන් ජාතික මිතුරකු සිටින බවත් ඔහු ඕනෑම පුද්ගලයකුගේ විදුලි බිල්පත් ඔහුට අයත් ක්‍රෙඩිට් කාඩ් පත මගින් අන්තර්ජාලය හරහා ගෙවන බවත් ඒ සඳහා විදුලි බිල්පතේ අයිතිකරුට 10% ත් 20 ත් අතර වට්ටමක් ලබා දෙන බවත් එමගින් ඉන්දියන් ජාතික මිතුරාටද සුළු වට්ටමක් ඇති බවත් පවසා මෙම කූට වංචාව සඳහා යොමු කරගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහු කෙඩිට් කාඩ් පත මගින් විදුලි බිල් පතට මුදල් ගෙවීමෙන් පසු වට්ටම අඩු කර අදාළ මුදල ගෙවිය හැකි බවත් සැකකරුගේ විදුලි බිල්පත් ද ඒ ආකාරයෙන් ගෙවන බවත් , තවද ගෙවන ලද මුදල සඳහන් කර බිල්පත ද ලබාදෙන පවසා තව තවත් විශ්වාසය තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බහුතරයක් වූ මෝඩ මිනිස්සුන්ව පහසුවෙන් රවට්ටන්න පුළුවන් බවට මෙය තව එක් නිදසුනක් .දේශපාලුවෝ මේ බව හොඳින් දන්නවා
සෝලා මාෆියාව. ඔය වගේ අර නාවල, නාවින්නෙ හොර දොස්තර කියාන හොරා කරන සෝලා කම්පැණියෙත් මිනිස්සු ගසා කන්නෙ ඔහොමයි...