(යොහාන් භාසුර)
රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව කී එම නිලධාරියා ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොවුවද විදුලිබ විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතන රජය කරවන ඇමැතිවරු විදුලි බිලට පොල්ල තියනවා. ටෙන්ඩර් හොරු ගල් අඟුරු වලින් ගසා කනවා. පෞද්ගලික බලාගාර ඇති නිලධාරීන් ජලාශවල ජලය අපතේ යවනවා. මණ්ඩලයේ ලොක්කන් හිතුමතයට පඩි දිරිදීමනා වැඩිකර ගන්නවා. ඇමැතිවරයා හා වෘත්තීය සමිති එළිපිට මරා ගන්නවා. මේ හොර ගුහාවේ වැඩනිසා නහුතෙට වැඩි කිරීමට නියමිත විදුලිබිල ගෙවීමට මහ ජනතාව සැදී පැහැදී සිටිනවා.
විදුලිබල මණ්ඩලයේ විදුලිබිල කීයද? පොඩ්ඩක් බලන්න එයාලා හරියට ගෙවනවාද දන්නෑ...!
හැමෝම කතා වෙන්නේ CEB, සිපෙට්කෝ වගේ ආයතන ලබන පාඩු සහ ඒවායේ දූෂණ ගැන විතරයි. හැබැයි සෞඛ්‍ය අංශය කියන්නේ සුදු ඇඳගෙන හොරකන් කරන තැනක්ම තමයි. ලක්ෂ ගණන් හොර අතිකාල දාගන්න තැනක්. ලෝකෙ කොහේවත් නැති විදියට ඇඟිලි සළකුණු යන්ත්‍ර, පැමිණීමේ ලේඛන එපා කියලා වර්ජන කරන පිරිසක්. බහුතරයක් තරුණ වෛද්‍යවරු මාසෙට දවස් 6 යි වැඩ කරන්නේ... පැය 24 ගානේ බැලුවත් උදේ 8-4 රැකියාවක් කරන අයෙක් තරම්වත් පැය ගණනක් සේවය කරන්නේ නෑ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදි හදාගෙන එයාලා. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු උදේ 8-2 විතරයි. සති අන්තේ නිවාඩු. නමුත් වැටුපට අමතරව පැය 120 අතිකාල විතරක් රුපියල් ලක්ෂයක්... මුලු වැටුප ලක්ෂ 2 ක් ගන්නවා. රටේ මුදල් ඕනැතරම් තියෙනවා නම් ගත්තාට කමක් නෑ. මේ වගේ අවස්ථාවක, ළමා වාට්ටුවල ළමයින්ට ආහර වේල දීගන්න බැරුව ඉද්දී, සෞඛ්‍ය අංශයේ විදුලි බිල් කෝටි ගණන් ගෙවාගන්න බැරුව ඉද්දී, රෝහල්වල ගොඩනැගිලි හදපු කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන ගණන් ගෙවා ගන්න බැරුව ඒ ආයතනත් බංකොළොත් කරලා ඒවායේ සේවකයින් දහස් ගණනක් පාරට වට්ටලා ඉන්න වෙලාවකවත් අඩුම තරමේ තමන් ඇත්තටම කරන පැය ගාණට අතිකාල ගන්න වටිනවා නේද?
විදුලිබලය ණයට දීම නවතා ලැබිය යුතු මුදල් අයකරගෙන OT දීම නැවත්තුවොත් විදුලි බිල වැඩිකරන්න උවමනා නැත.