(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16 ක්, විදේශ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15 ක්, දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 4 ක් සහ රෝහල්වල සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 10 ක් ලෙස ගෙවීමට ඇති මුදල් පවතින බව කී අමාත්‍යවරයා දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදලින් බිලියන 2 ක් ගෙවීම සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම කතා වෙන්නේ CEB, සිපෙට්කෝ වගේ ආයතන ලබන පාඩු සහ ඒවායේ දූෂණ ගැන විතරයි. හැබැයි සෞඛ්‍ය අංශය කියන්නේ සුදු ඇඳගෙන හොරකන් කරන තැනක්ම තමයි. ලක්ෂ ගණන් හොර අතිකාල දාගන්න තැනක්. ලෝකෙ කොහේවත් නැති විදියට ඇඟිලි සළකුණු යන්ත්‍ර, පැමිණීමේ ලේඛන එපා කියලා වර්ජන කරන පිරිසක්. බහුතරයක් තරුණ වෛද්‍යවරු මාසෙට දවස් 6 යි වැඩ කරන්නේ... පැය 24 ගානේ බැලුවත් උදේ 8-4 රැකියාවක් කරන අයෙක් තරම්වත් පැය ගණනක් සේවය කරන්නේ නෑ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදි හදාගෙන එයාලා. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු උදේ 8-2 විතරයි. සති අන්තේ නිවාඩු. නමුත් වැටුපට අමතරව පැය 120 අතිකාල විතරක් රුපියල් ලක්ෂයක්... මුලු වැටුප ලක්ෂ 2 ක් ගන්නවා. රටේ මුදල් ඕනැතරම් තියෙනවා නම් ගත්තාට කමක් නෑ. මේ වගේ අවස්ථාවක, ළමා වාට්ටුවල ළමයින්ට ආහර වේල දීගන්න බැරුව ඉද්දී, සෞඛ්‍ය අංශයේ විදුලි බිල් කෝටි ගණන් ගෙවාගන්න බැරුව ඉද්දී, රෝහල්වල ගොඩනැගිලි හදපු කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන ගණන් ගෙවා ගන්න බැරුව ඒ ආයතනත් බංකොළොත් කරලා ඒවායේ සේවකයින් දහස් ගණනක් පාරට වට්ටලා ඉන්න වෙලාවකවත් අඩුම තරමේ තමන් ඇත්තටම කරන පැය ගාණට අතිකාල ගන්න වටිනවා නේද? මෙක බොරු නම් ඕනෑම කෙනෙක් හොයලා බලන්න මේ ගැන...
ආණ්ඩුවේ ඉස්පිරිතාල වක්‍රාකාරව පෞද්ගලිකකරණය වෙමින් පවතී. බෙහෙත් නෑ... පරීක්ෂණ පිටතින්.... නිතර වැඩ වර්ජන... ඉඩකඩ සීමිතයි... පොරොත්තු ලේඛන දිගයි... දැනටමත් භාගයක් පෞද්ගලිකකරණය වෙලා ඉවරයි..