
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පති සි . ඩි.. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවි උපදෙස් ලබා දුන් බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එංගලන්තය බලා පිටත් වීමට හෝරා කීපයක් තිබියදී පාස්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමියේ අනාථ පැත්ත යැයි හඳුන්වන ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබූ අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ දී පැය පහකට අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබිණි.
අදාල අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිඳ, නැන්දම්මා ඇතුළු පුද්ගලයන් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සීසීටීවී කැමරා දර්ශන 60 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් දේශපාලන හස්තයක් මෙය පිටුපස, නැතිනම් පොලිසිය වැරැදිකාරයින්ව පහසුවෙන් සොයාගන්නවා.
බ්‍රයන් තෝමස් යනු ඩීල්දාසගේ මිතුරෙකි