කසිප්පු ජාවාරමාගේ බිරිය පොලිස් ලොක්කාගේ අත කාලා වරකාපොල ,දොලපාඩුව ප්‍රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ බිරිඳ එම ස්ථානයට කඩා පැන වැටලීම සිදුකළ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදුකර පලාගොස් ඇතැයි වරකාපොල වරකාපොළ පොලීසිය පවසයි. 07 June 2023
ඩෙල්ෆ්ට් ජැටියේ ගිලෙන්න ගිය ජීවිත 38 ක් නාවික හමුදාව බේරාගනී යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහ එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී බෙරාගැනීමටත් අද (7) සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 07 June 2023
බදු ගෙවීමත් ‘ඩිජිටල්’ කරයි බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 June 2023
සජබ කූඨ ලේඛන හැදුවයි ඩයනා සී.අයි.ඩීයට තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 07 June 2023
ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් මහතා පැවසීය. 07 June 2023
ලංගම රියැදුරට මුත්‍රා බෝතයෙන් ගැසූ බස් රියැදුරා මාට්ටු දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මූත්‍රා පූරවා පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථ රියදුරා බීමතින් බසයක් ධාවනය කරද්දී කොළඹ වේල්ලවීදිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 07 June 2023
එක් දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ. 07 June 2023
අන්තරේට තහනමක් කොළඹ දී අද (7) පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු 13 දෙනකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නියෝගයක් නිකුත් කර ඇත. 07 June 2023
මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය. 07 June 2023
පොලිස් ජිප් රථය ප්‍ර්‍රපාතයට පෙරළේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු නොර්වුඩ් පොලිසියේ ජිප් රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දී ප්‍රපාතයකට පෙරලිමෙන් පොලිස් නිලධාරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි. 07 June 2023
සිංහයන්ට 117ක ඉලක්කයක් ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය. 07 June 2023
යුක්රේනයේ නගර 80 යටවේ රුසියානු හමුදා පාලනය යටතේ පවතින දකුණු යුක්රේනයේ කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල අද උදෑසන පුපුරා ගොස් ඇතැයි රුසියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 07 June 2023
නතාශා - බෲනෝ යළි රිමාන්ඩ් බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය. 07 June 2023
මාලදිවයිනේ කෘෂිකර්මය නංවන්න ලංකාවෙන් උදවු ඉල්ලයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබෙි. 07 June 2023
ව්‍යවසායක ගැටළු විසඳන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූලික ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 June 2023
කර්මාන්තකරුවන්ගේ දේපළ හාරසියයක් වෙන්දේසි කරලා ණය නොගෙවූ දේපළ පවරා ගැනීම පිළිබඳ පරාටේ නීතිය යටතේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත්කර ගැනීම් සහ වෙන්දේසි කිරීම් හාරසියයක් මේ වසරේ පළමු මාස හතරේදී සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2023
සූරියවැව ප්‍රා.සභාවේ ලේකම් අල්ලසට යටවේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 June 2023
‘‘පොන්නම්බලමි අත්අඩංගුවට ගන්නා බව දැනුම් දුන්නා‘‘ කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසියේ ප්‍රධානීන් තමාට කල් තියා දැනුම් දුන්නේ යැයිද පොලීසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීමට හැකියාවක් නැතැයිද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2023
තරුණ මවට - කුඩා දියණියට වදුරු උණ මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුන තරුණ මවක සහ කුඩා දියණියක හමු වූ බව කොළඹ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි. 07 June 2023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය 07 June 2023
පළාත් රැසකට තද වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 June 2023
සාපෙළ සිසුවියට මහා අපරාධයක් කරන්න හදලා ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඇයට මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 07 June 2023
මෛත්රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 June 2023
යකඩ මිල සීඝ්රයෙන් පහළට මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති. 07 June 2023
මව, දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. 07 June 2023
සාපෙළ සිසුවියගේ පිහිටට ආ පොලිස් දෙවියා “අනේ පොලිස් අංකල් මගේ ඇඩ්මිෂන් එක ගෙදර දාලා ඇවිල්ලා. මට උදව් කරන්න අංකල්.” යැයි මහත් අසරණව පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ හඬා වැටෙන්නට වූ සිසුවියකට වහා ඉදිරිපත්ව උපකාර කිරීමට මොරගහහේන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් අද (6) උදෑසන ඉදිරිපත් විය. 06 June 2023
සුළි කුණාටුවක් ගැන අනතුරු ඇගවීමක් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් අද (6) මධ්‍යම රාත්රියේදී පමණ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 June 2023
ආණ්ඩුව රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා රටේ බංකොලොත් භාවයත් ආර්ථික කඩා වැටීමටත් මුවා වී ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද (6) ප්‍රකාශ කළේය. 06 June 2023
බදුල්ල - ගාල්ල - කළුතර තව දුරටත් නායයෑමේ අවදානම බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (6) පස්වරුවේ පැවසීය. 06 June 2023
අයිස් මතින් බස් පැදවූ රියැදුරන්ට 81,000 ක් දඩ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කළ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකුට රුපියල් 81,000ක දඩයක් සහ මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය. 06 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026