(යොහාන් භාසුර)
මෙම මස 9 වැනිදා සමස්ත රටටම විදුලිය විසන්ධවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකාව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව ලංකාව විදුලි බලමණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාගේ මූලිකත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණ කමිටුවක් ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්ද, පත්කර ඇති බවත් එම කමිටු දෙකම හැකි ඉක්මනින් පරීක්ෂණ අවසන් කරන බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.