
(රුවන් පතිරණ,ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඔහුගේ සහෝදරයකු හා ඥාතීන් පිරිසක්, සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් හෙරොයින් අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 10 දෙනකු ,කාන්තාවන් 05 දෙනකු සිටින බව පොලිසිය කියයි. ඔවුන් සමග ආ දරුවන් 08 දෙනකු ද ඔවුන් සමග සිටියි.
මෙම පිරිස යුක්තියේ මෙහෙයුම ආරම්භ වනවාත් සමග මට්ටක්කුලිය ප්‍රදේශය අතහැර නුවරඑළිය ප්‍රදේශයට ගොස් එහි දින කීපයක් ගතකර නැවත යුක්තියේ මෙහෙයුම තාවකාලික නවතා ඇති බව දැනගත් පසු මෙහෙයුම නැවත ආරම්භ වන බව නොදැන නැවත මට්ටක්කුලිය බලා පිටත්ව යමින් සිටියදී වරකාපොල පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ .
අනතුරුව පොලිස් සුනඛයන් යොදවා අත්අඩංගුවට ගත් වාහන පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා මිශ්‍ර මාවා පැකට් කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන
පසුව මෙම පිරිස සම්බන්ධයෙන් දත්ත තොරතුරු පරීක්ෂා කිරීමේදී ඉන් පිරිමි පුද්ගලයන් 04 දෙනකු හා කාන්තාවන් 03 දෙනකු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවට තහවුරු කරගෙන ඇති බවද පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු බෙදුවට මේ අයට ගොන් තමයි... මොකද ඉගෙන ගත්තා කියලා එකක් යෑ...?