
( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි .
අද (27) මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට පොලිස් නිල නිවාස වලට හැරෙන තුන් මං හන්දියේ තිබූ මෙම දැවැන්ත බෝගස සහ සපු ගස එක්වරම මහා මාර්ගයට ඇද වැටී තිබේ .
මහ මඟ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු එම අනතුරින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර පාරේ නවතා තිබූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් ඇතුළු මෝටර් රථ 07 කට පමණ ගස කඩා වැටීමෙන් බරපතල හානි සිදුව ඇති බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හන්දියක් ගානේ බෝ ගස් පැලකිරීම අනිත් අනාරක්ෂිත ගසුත් එක්කම තහනම් කරන්න. සමහර අය තම නිවස අසල මහාමාර්ගයේ අයින්වල මල් සහ ගස් වවන්න මෝඩ පුරුද්දක් පටන්ගෙන...!