නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි
නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබාගැනීම යන නීතිවිරෝධි කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයන්හිදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.