බලපත්‍ර කාලය ඉක්මවූ විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට සහ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකළ නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ. 08 June 2023
ටිකිරි කොබ්බෑකඩුව 10 වැනි දා ඉල්ලා අස්වේ සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වී තිබේ. අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය. 08 June 2023
මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි ඒ ප්‍රකාශය කළ රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 June 2023
මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය නිසා 22 හැවිරිදි මවගේ මරණය ගැන තොරතුරු සොයාගැනීමට හැකි වූ බව ගම්පොල පුපුරැස්ස පොලිසිය කියයි. 08 June 2023
ධීවර බෝට්ටුවක් පෙරළේ වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. 08 June 2023
ඉන්දියානුවන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත්‍රිකුණාමලය වරායේ ෙ අෂ්රොප් ජැටියට සේන්දු විය. 08 June 2023
තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 June 2023
’’හෝද හෝද මඩේ දාන්න එපා’’ මුදල් කාරක සභාවේ ප්රශ්නය ඉතා හොඳ විදිහට අවසන් වී ඇති අවස්ථාවක මේ ගැන නැවත නැවතත් කතා කරමින් හෝද හෝද මඩේ දමන්නේ ඇයිදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රශ්න කළේය. 08 June 2023
මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 June 2023
පළාත් රැසකට තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 June 2023
පොරොන්දු කැඩූ කොස්තාපල් අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂ 10 මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 June 2023
අන්තරේ සිසුන්ගේ පහර කැ පොලිසියේ තුනක් රෝහලට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බල මණ්ඩලය කොළඹ පවත්වන ලද විරෝධතාවයේදී සිසුන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් බුද්ධි අංශය රාජකාරි කරන කොස්තාපල්වරයකු ඇතුළු කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලබා පොලිස් රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 08 June 2023
වාද්දූව මුහුදේ අඩි 12 කිඹුලෙක් අඩි 12 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ වාද්දුව මුහුදු වෙරල ආසන්න මුහුදේ ගැවසෙන අයුරු දැකගත හැකිවිය. 07 June 2023
‘‘රනිල් චරිතාපදානය‘‘ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට ’’රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය’’ ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි. 07 June 2023
තිදරු මව පැහැරගෙන මාස හයක් තිස්සේ රඳවාගෙන 29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 07 June 2023
පෙරළුණු චීන යාත්‍රාව ළඟට ගිය නැවියන්ට උපහාර අහපත් කාලගුණය හේතුවෙන් ගැඹුරු මුහුදේ පෙරළුනු “ ලූ පෙන් යුවාන් යූ 028” චීන ධීවර යාත්‍රාවේ ධීවරයන් ගලවා ගැනීමේ කිමිදුම් මෙහෙයුමට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිරිනැමීය. 07 June 2023
විභාග නිරික්ෂක හදිසියේ මරුට වත්තේගම බාලිකා විදුහලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි විභාග නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝල්ට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය කියයි. 07 June 2023
රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ් ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (07) කරුණු වාර්තා කළේය. 07 June 2023
හෙට විරෝධයටත් අධිකරණයෙන් තහංචියක් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් හෙට (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කළේය. 07 June 2023
ගජේන්ද්ර කුමාර්ට ඇප පොලිස් රාජකාරියට බාධා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලන් මහතා රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හරින්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් ස්මයිල් ජමයිල් මහතා අද නියෝග කළේය. 07 June 2023
අයේෂාට එක්සත් රාජධානියේ විනිසුරු පදවියක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නීතීඥවරියක වන 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් මහත්මියට එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ විනිසුරු පදවියක් හිමිව තිබේ. 07 June 2023
ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය - ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළමු වරට සංවිධානය කරන ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කොළඹ ටාජ් සමුද්‍රාහිදී අද (7) පැවැත්වේ. 07 June 2023
ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට වන්දි ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම අනිද්දා (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. 07 June 2023
ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ ගෑස් මිල අඩු කළත් බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 07 June 2023
අන්තරේ පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනයට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 07 June 2023
කෝටි 35 ක භාණ්ඩ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙකක් රේගු භාරයට පාවිච්චි කළ මෝටර් රථ අමතර කොටස් යැයි රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ තුනක් සහ තවත් භාණ්ඩ විහාල ප්‍රමාණයක් නීති විරෝධීව ආනයන කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියක් පැවසීය. 07 June 2023
මනමේ පොතේ ගුරු දිවියට සමු දෙයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘‘මනමේ‘‘ වේදිකා නාට්‍යයේ පුරා අඩ සියවසක් පොතේගුරු චරිතය රඟපෑ ශ්‍යමන් ජයසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට 78 වැනි වියේ පසුවූ ඔහු ඕස්ට්‍රේලියාවේ පොත් ව්‍යාපාරයක නියැලී සිටි ඇත. ශ්යාමන්ගේ අභාවයත් සමග මනමේ මුල් නාටකයේ ප්‍රධාන භූමිකා අතරින් ඉදිරිවී සිටි අවසන් චරිත ද අවසන් විය. 07 June 2023
කසිප්පු ජාවාරමාගේ බිරිය පොලිස් ලොක්කාගේ අත කාලා වරකාපොල ,දොලපාඩුව ප්‍රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ බිරිඳ එම ස්ථානයට කඩා පැන වැටලීම සිදුකළ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදුකර පලාගොස් ඇතැයි වරකාපොල වරකාපොළ පොලීසිය පවසයි. 07 June 2023
ඩෙල්ෆ්ට් ජැටියේ ගිලෙන්න ගිය ජීවිත 38 ක් නාවික හමුදාව බේරාගනී යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 ක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහ එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී බෙරාගැනීමටත් අද (7) සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 07 June 2023
බදු ගෙවීමත් ‘ඩිජිටල්’ කරයි බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 June 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026