IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’යුක්තිය’ තවත් 1400 ක් අත්අඩංගුවට ගනී

(යොහාන් භාසුර)
නත්තල් නිවාඩුවෙන් පසුව 'යුක්තිය' මෙහෙයුම නැවත ආරම්භ කළ ඊයේ  (27) රට පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම්  347 ක්,  අයිස්   ග්‍රෑම් 827 ක් සහ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 475 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය. 



අදහස් (3)

’යුක්තිය’ තවත් 1400 ක් අත්අඩංගුවට ගනී

Lanza Thursday, 28 December 2023 11:36 AM

තවම මාව අල්ලන්න බැරි වුණානේ... මේ ලංසා..

:       0       0

Kazi Shajahan Thursday, 28 December 2023 02:29 PM

කෝ තාම මීගමුව පැත්තේ ලොකුම කුඩු මුදලාලියා ඇල්ලුවේ නැහැනේ...?

:       0       1

ලන්සා Friday, 29 December 2023 12:39 AM

හලෝ ,ඔයාට මොකක්ද මගෙත් එක්ක තියෙන ප්‍රශ්නේ? මගේ කුඩු නිදහස් කලේ රටේ ඉහළම පුද්ගලයා. රාජපක්ෂ උතුමාණන්. එතුමාටත් අභියෝග කරන්නද මේ හදන්නේ? මේ ගැන දන්නවා නම් දුවගෙන ඇවිල්ලා කණපිට ගහයි. අපිත් එක්ක හැප්පිලා ඇට කටු කඩා ගන්නේ නැතිව, කට වහගෙන ඉන්න... හරිද? මම ආයේ කියන්නේ නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site