IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ගැටලු  හේතුවෙන්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

එසේම ආචාර්යවරුන් තවත් දහසකට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල  සඳහා නව ආචාර්යවරුන්  බඳවා ගැනීමද මේ වනවිට අඩපණව ඇතැයි චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 6200 ක පමණ පිරිසක්  මේ වසරේ මුල් කාල සීමාවේදී රාජකාරී කළහ.



අදහස් (7)

සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින්

Kamal Thursday, 28 December 2023 02:56 PM

අයට අනුව වැය හදාගන්න බැරි පිරිසක්...

:       28       4

Akila Thursday, 28 December 2023 03:29 PM

අයියෝ කමල්, එතකොට ඔයාගේ හාමුලා එහෙම කරලද ණය ගෙවාගන්න තියා පොලියවත් ගෙවාගන්න බැරිව ඉන්නේ...?

:       2       28

නයනක Thursday, 28 December 2023 07:44 PM

තම අයවැයවත් කලමනාකරණය කරගන්න බැරි පිරිසක්... රටේ දරුවන්ගේ අනාගතය හදයිද කියන එක ප්‍රශ්නයක්. මොවුන් බොහෝමයක් දීමනා ලබාගත්තාද? මෝඩයින් මෙන් ඊට සරිලන වුවමනාද නිර්මාණය කරගනිමින් අධික ණය ගැනීම මීට හේතුවයි. වුවමනා හා අවශ්‍යතා අතර වෙනස හඳුනා ගැනීමට නොහැකිවීම මෙම ප්‍රශ්නයට මූලික හේතුවයි.

:       0       0

Bamunuarachchi Thursday, 28 December 2023 09:03 PM

හා හා... එන්න එන්න ඇවිත් බලන්න. මෙහේ tax වදින්නේ කොහොමද කියලා. ඉතුරු හරිය කියන්නේ නැහැ ඇවිත්ම බලාගන්න.

:       0       0

චතුරි Friday, 29 December 2023 02:37 AM

උගත්තු රට හැරලා යනවා. නූගත්තු රට රකින්න කියලා පාර්ලිමේන්තුවට යන්න දඟලනවා... උගතුන් අඩුවෙන තරමට නූගත් බයියලාට පහසුයි.

:       0       0

Bamunuarachchi Friday, 29 December 2023 07:44 PM

දැන් නූගතුන්ගේ සහාය ඉල්ලන්නේ ජෙප්පොලා...!

:       0       0

Don Friday, 29 December 2023 10:16 AM

මිනිසුන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. හැමෝම හොර සල්ලි හොයනවා. හැමෝම කුඩු විකුණනවා. දර්මදීපය කියන මිනිස්සු හැම නරක වැඩක්ම කරනවා. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site