IMG-LOGO

ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි.

ගම් වැසියන් පුදුමයටත් කලබලයටත් පත් වූයේ , නිවසක තාප්පයක් මත දැවැන්ත ව්‍යාඝ්‍රයකු සැතපී සිටිනු දැකීමෙනි. ව්‍යාඝ්‍රයා ඊට පෙර දින ගම්මානයේ එම නිවසකට ඇතුළු වී නිදාගෙන සිටි බව ද පසුව අනාවරණය විය. එය ගම්වැසියන් භීතියට පත් කිරීමට හේතුවක් ද විය.

කෙසේ නමුත්, ව්‍යාඝ්‍රයා කිසිදු කලබලයක් නොමැතිව, තාප්පය මත සැතපී සිටි බැවින්,ලොකු කුඩා බොහෝ දෙනකු නිවස වටා එක් රොක් වූයේ ව්‍යාඝ්‍රයා නැරැඹීමටය.

සිද්ධිය සැලවීමෙන් පසු, වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් ද ලහිලහියේ එහි පැමිණ ඇත.

ඌ ඇට්කොනා ගම්මානයට නුදුරින් පිලිබිත් දිස්ත්‍රික්කයේ ව්‍යාඝ්‍ර රක්ෂිතයේ සිට ආ ව්‍යාඝ්‍රයෙකි. අවුරුදු දෙකක් පමණ වයසැති ව්‍යාඝ්‍රයා, ව්‍යාඝ්‍ර ධේනුවක බව වන ජීවී නිලධාරීහු පසුව පැවැසූහ.

නිර්වින්දනය කිරීමෙන් පසු, තුවාලවලට බෙහෙත් දමා, ව්‍යාඝ්‍ර ධේනුව වනරක්ෂිතයට මුදා හැරීමට වන ජීවී නිලධාරීහු පියවර ගත්හ.

Daily Mail



අදහස් (0)

ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 208 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1709 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site