(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ තීරෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
බරපතල තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලිසියට අනුයුක්තව අවකාලිකව ස්ථාන මාරු ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකි .
සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි තීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලීසියට පාට් දැමූ 5ක් අත්අඩංගුවට
Roshan Thursday, 28 December 2023 01:48 PM
ඕකුන්ට ගැහුවට පව් නෑ... 99.999999ක්ම ඉන්නේ අන්න දූෂිත පොලිස් නිලධාරීන්. ගෙදරට මාළු, මස්, එළවලු ඇතුළු සියලුම දේවල් නිකං ගන්නේ. ඒ මදිවට හෝටල්වලට ගිහිල්ලා නිකං කාලා යනවා. සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම ඕනෑම නම් හොඳ, අවංක පොලිස් නිලධාරින් 10ක් ඇති...!
මැක්ස්Thursday, 28 December 2023 09:04 PM
රොෂාන් ගොයියා නම් ෂුවර් එකටම "ගහපිය මරපිය ඔලුවට කොටපිය" ජාතියේ අරගලිස්ට් කෙනෙක්. සාමාන්‍ය මනුස්සයෙකුට නම් ඔහොම නරුම වෙන්න බෑ.