(නිමල කොඩිතුවක්කු)
වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් බහුතරයක් තරුණයන් මෙරටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති වීමෙන් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් මෙන්ම තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර ගොස් ඇතැයිද වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.
රට ගොඩනගන නායකයන් බවට තරුණයන් පත් කිරීමට නොහැකි වී ඇත්තේ රජය ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංකෝචනය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ වර්තමානය සහ අනාගතය සුබදායක නොවන බව හැඟි යාමත් රජයට හරිහැටි දැක්මක් නොමැති බවට දැනුන නිසා තරුණ පරපුර ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ආණ්ඩුව බාරගන්න කිව්වාම ඒක ගත්තෙත් නෑ. රටේ පවතින ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරන්නේත් නෑ... මහජනතාවට තිබෙන ඔවුන් මුහුණ දෙන ගැටළු නැවත නැවත ඔවුන් වෙතටම ඉදිරිපත් කිරීම බුද්ධිමත් විපක්ෂ නයකවරයකුගේ කාර්යබාරය නොවේ...
එදා රට ගිනිගෙන මිනිස්සු ගෑස් පෝලිම් වල මැරෙනකොට ඔහෙට අගමැතිකම දෙන්න ආරාධනා කලාම ඇඳයට හැඟුනා . දැන් වැල් බයිලා කියවනවා . ඔහෙට පුළුවන් හැමදේම විවේචනය විතරයි අප්පුහාමි . පොඩ්ඩක් කියමුකෝ බලන්න බදු නැතිව රට කරනහැටි . අන්න එහෙම උනොත් අපිට ටිකක් හිතල බලන්න පුළුවනි .
මේ කතාව ඇත්ත. ජීවත්වෙන්න ඕනෑ අවම මාසික ආදායමට වඩා වැඩි ආදායම බද්දට යටත් කළාට කමක් නෑ. නමුත් පස් දෙනෙකු ඉන්න පවුලක එනම් වැඩිහිටි ප්‍රජාව ඇතුළුව මාසික අවම වියදම ලක්ෂ එකහමාරකට වැඩියි. ඒත් බද්ද ලක්ෂයේ සිට ක්‍රියාත්මක වනවා. අනික බදු ප්‍රතිශතය වැඩිකම. ප්‍රතිඵලය වැඩකරන ජනතාව දුර්මුඛ වීම. මේ සීමාවන් නැවත සලකා බලන්න ඕනෑ...
මේ කාලකණ්ණි ආණ්ඩුව නම් රටට ශාපයක්...!