
( කුෂාන් ජයවර්ධන)
කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබේ. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක්ව තිබේ.
අඩි 16 බැගින් විවෘත කර ඇති හදිසිවාන් දොරටු මගින් මේ වනවිට තත්ත්පරයට ඝණ අඩි 13443ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙමින් පවති .
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය අසළ සිට දුම්රිය පාලම දක්වා කොටස ජලයෙන් යටව ඇති අතර මේ වනවිට එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇන හිට තිබේ..
කලාවැව අවට ප්‍රෙද්ශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර තත්ත්පරයට ඝණ අඩි 10000ක පමණ ජලධාරිතාවයක් දඹුළු ඔය ඇතුළ ජලමූලාශ්‍ර මගින් මේ වනවිටත් කලාවැවට එක්වෙමින් පවති. මේ වනවිටත් කලාවැව ජල පෝශක ප්‍රෙද්ශවලට වැසි ලැබෙමින් පවති.

2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි