(අංජුල මහික වීරරත්න)
ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා මේ ප්‍රමාදයන් සිදුවූ බව බව අමාත්‍යවරයා කීය.
නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන ජනවාරි මස නව පනත් අටක් සම්මත කර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉකුත් මාස 18ට ඇතුළත නීති ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අනපනත් 45 කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කළ බවද අමාත්‍යවරයා කීය.
මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පරක්කු වූ රස පරීක්ෂක වාර්තා මාස හයක් ඇතුළත දෙයි
Rata Perata Friday, 29 December 2023 01:44 PM
තව මාස 06ක්. ඇත්තටම මොකද මේ? මොන පක්ෂයේ නායකයාට හරි පස්ස පෙන්නලා ඇමැතිකමක් අරගෙන ඔහේ කියව කියව ඉන්න කෙනෙක් මේ..!
chathuri Friday, 29 December 2023 07:06 PM
හිරේ යෑමට නියමිතයි...!