
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
රාත්‍රී අටට පමණ එම වෙළඳසැල් හිමිකාරිණිය සහ ඇගේ සොහොයුරිය බිම් මහළේ පිහිටි වෙළඳසැල වසා උඩු මහළේ තිබෙන නිවෙසට ගොස් ඇති අතර පසුව වෙළඳසැල ගිනිගෙන ඇති අයුරු දැක තිබේ.
ඔවුන්ගේ කෑගැසීම ඇසී පැමිණි අවට ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය විශාල උත්සාහයක් දරා එය නිවා දමා ඇතත් ඒ වනවිට මුළු වෙළඳසැලම ගින්නෙන් විනාශවී ඇති බවද පොලිසිය කියයි.
මෙම ගින්න කෙසේ ඇතිවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගින්නකින් ඇල්පිටියේ වෙළඳසැලක් විනාශයි