(අංජුල මහික වීරරත්න)
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත.
රජයේ පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජයේ පොහොර සමාගම් දෙක ශුද්ධ ලාභ ලබයි
Chandima Friday, 29 December 2023 11:47 AM
පොහොර විකුණන්නේ ගොවියන්ට. ලාබෙ ලැබිලා තියෙන්නේ ගොවියන් පොහොරවලට ගෙවපු සල්ලිවලින්... ඉතින් කොහොමද ගොවියෝ ලාබ ගන්නේ...?
චන්දන Friday, 29 December 2023 11:57 AM
ආණ්ඩුව සූදු කෙළිනවා. ගොවියා අසරණයි. ඔය ලාබෙන් වැඩක්තියෙනවාද? කෝ රටේ ගොවිතැන...? එළවළු ටිකත් දැන් පිටරටින් ගේනවා. අතීතයේ මෙහෙම දේ වුණාද? ලාබ ගන්නේ කුඩු විකුණලා වෙන්නැති...
සුරංග Friday, 29 December 2023 04:45 PM
චන්දන හරි, ගොවියා තමයි අසරණව ඉන්නේ මම අත්දැකීම් අනුව කියන්නේ අපි කොහොම පොහොර දැම්මත් අස්වැන්න ගන්න බැහැ. ඉතින් අපි වැඩියෙන් පොහොර දානවා... කොම්පැනි කාරයෝ ලාභය බෙදාගන්නවා. ඇත්තටම වගාවටත් වැඩක් නැති පොහොර කියන දේවල් හදන්න ඛනිජ වෙනුවට වෙනත් ලාබදායක මොනවා හරි ගන්නවා ඇති නේද කියලා අහන්න කැමැතියි. ලාභයක් තිබුණොත් ඉතින් සේවකයින් පමණක් නොවෙයි... එයින් ඉහළම බලධාරීන්ටත් නැතිවෙන්න බැහැ නේද?
චන්දන Friday, 29 December 2023 07:01 PM
ඔව් සුරංග... නිකං ඉඳලා අනුන්ගේ දේ හූරාගෙන කන බත් බැලයින්ට මේවා තේරෙන්නේ නැහැ. ළුෑණු වලින් ස්වයංපෝෂිත වූ අපිට වෙච්චි දේ මෙනෙහි කරන්න කෙනෙක් නෑ...
Hafeel Friday, 29 December 2023 01:51 PM
ඇමති කියන විදියට දැන් ලාබ නම්, කොහොමද රජයේ විගණකාධිපතිවරයාගේ විමර්ශනයට භාජනය වුණා නම් සහ කෝප් කමිටුවට කැඳවූවා නම්, පාඩු වෙන්නේ? මෙහෙම තමයි අනිකුත් ආයතනවල්...!