(අංජුල මහික වීරරත්න)
මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිස වගකීම බාර ගත යුතු බව සඳහන් කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව සුදුසු පියවර ගන්නා බව සඳහන් කළේය.
කෘෂිකර්ම මාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකින් ගොවීන් වෙත නොමිලයේ මෙම බීජ අර්තාපල් බෙදා හැර තිබිණි.
බීජ අර්තාපල්වලට දිලීරයක් ඇතුළු වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ව්‍යාධිවේදය (Pathology) සම්බන්ධ නිලධාරියෙක් ඇතුළු කණ්ඩායමක් යෙදවූ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කීවාය.
දැනට කර ඇති විමර්ශන අනුව මෙම බීජ අර්තාපල් ගබඩා කර තිබී ඇත්තේ ඊට සුදුසු ගොඩනැගිල්ලක නොවන බවත් බීජ අර්තාපල් ගබඩා කිරීමේ දී අනුගමනය කළ යුතු විධිමත් පියවර අනුගමනය නොකිරීම නිසා දිලීර ආසාදනය සිදු වී ඇති බව හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd