(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින , භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි
රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනෙක් ගිහින් කපුවාත් එක්ක බෙදාගන්න කාලෙ හරි වගේ...!
අයියෝ මේ මිථ්‍යා මත විශ්වාස කරන මිනිස්සු ගැන කණගාටු වෙනවා හැර මොනවා කරන්නද? තමන් හම්බ කරපුවා වසරකට පාරක් කපුවන්ට පුදලා නොපෙනෙන දෙවියෙකුගෙන් පිහිට පතනවා, ඔවුන් එතැනමයි... කපුවෝ බස්නායකලා මෙලොව දෙව්සැප විඳිනවා. අහෝ මෝඩකමක මහත...!
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. දෙවියන් ගැන ගෞරවයක් තිබ්බත්.., ඒ සියලු දේ නැතිකළේ මේ කපුවෝ කියන හොරු ටික. මොවුන් අද කොටිපතියෝ වුනේ මිනිසුන් පූජා වට්ට්වල දීපු සල්ලි හොරාකාපු නිසා. හැම මොහොතක් පාසාම වන්චාව, හොරකම එතැන වෙන්නේ. මෙය දෙවියන්ට ගැරහිමක් නොවේ. ඒත් ඇත්තටම එතැන කතරගම දෙවියෝ නැ. නැතිනම් කොහොමද මේවා වෙන්නේ?
දෙවියන් පුදදෙන රුපියල් සත ගැන...!
ඔච්චරටම ආගම දහම ඕනෑ නම් යන්න ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වගේ තමන්ගේ ආගමේ තැනකට... එක්කෝ මාරවිල, නල්ලූර් වගේ තැනකට... ඔය කතරගම අයිතිවන මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේම ඉන්නේ හොරු... ඒ අයට සල්ලි දීලා කුණු වෙච්චි දොදොල් කාලා කුණු වතුර නාලා එන්නේ නැතිව...
ඇප හම්බවුණාට පස්සේ නඩුව කාලයක් ඇදෙයි. මෙයාට තියෙන්නේ සල්ලි ටිකක් විසි කරලා හොඳ පක්යෂක් අල්ලලා මහ මැතිවරණයට ඡන්දේ ඉල්ලන්න හම්බන්තොටින්... ශුවර් දිස්ත්‍රික්කයේ මනාප පළවෙනියා වෙන්න පුළුවන්...
ලිපිය කියවන්නත් කලින් නිදහස් කරලා. ඔය තැටිය අර ඩුබායි කුඩ්ඩාගේ බිරිඳ මිනිහාගේ කුඩු බිස්නස් එක සාර්ථක වෙන්න කියලා පූජාකරපු එකක් කියලා කියෙව්වා. දැන් තැටිය දන්නා කියන රතු සාටක පවුලක් වෙත බාරදී ඇතැයි සිතමි....
කපුවා කපෝතිද?