(නිමල කොඩිතුවක්කු)
අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීම තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් උපයා ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ.එච් පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.
එම කාලය තුළ අන්තර්ජාලය මගින් මගී ආසන අසූදහසකට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ 1315 යන කෙටි අංකය ඔස්සේ මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතින බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීවේය.
මෙම සේවාව සඳහා ඉදිරියේදී තවත් බස් රථ දෙසීයක් පමණ එක් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදා මාටියා ගහන ඒවා...!
එහෙනම් ඒකත් ඉවරයි. මේ අය ඒකත් විනාශ කරලා TATAට විකුණයි.