(තිස්ස කොටින්කඩුව)
දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත් වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වයිරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදන තොගයක් අද (27) විනාශ කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා මහතා පැවසීය.
මෙම උත්සව සමයේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර තිබූ බව පැවසෙන මෙම සොසේජස් සහ මස් නිෂ්පාදන රේගු සහ නිරෝධායන අංශය විසින් පසුගියදා සොයාගනු ලැබීය.
මෙම මස් නිෂ්පාදන චීනයේ සිට මෙරටට ආනයනය කර ඇතැයිද පැවැසේ.
මෙසේ විනාශ කළ මාංශ තොගයට ශීතකරණ ලද නැවුම් තාරා මස් කිලෝග්‍රෑම් 56ක් ද තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක් ද ඌරු මස් කිලෝ ග්‍රෑම් 12ක්ද කුකුළු තටු කිලෝ ග්‍රෑම් 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ ග්‍රෑම් 288 ක්ද ඇතුළත් වන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සූකර උණ මිනිසුන්ට කෙළින්ම බලනොපාන නමුත් යම් හෙයකින් මෙම වයිරසය සමාජගත වූයේ නම් මෙරට ඌරු ගොවිපොළ සම්පූර්ණයෙන් විනාශවීමට ඉඩ තිබූ බවත් පශු සම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත්" ඇයි මෙ ආයතනවල නම් දාන්නෙ නැත්තෙ? පොඩි මිනිහෙක් එහෙම කරානම් නම, ගම, ජාතික හැදුනුම්පත් අන්කෙත් දානව.
ඕවා ගෙන්වපු සමාගම ප්‍රසිද්ධ නොකරන හේතුව...? එහෙම කළාම මහජනතාව ඒක වර්ජනය කරයි. ප්‍රශ්න ඉවරයි...
ඔය සමාගමේ නම දැම්මා නම් හරි, මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න.