(සුජිත් හේවාජුලිගේ)
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය.
පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද ඔහු කීවේය.
මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.
සීවී විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ...!
රටම ඊළමක් කරගන්න හිතාගෙන ඇති... ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවානේ...!
මස්සිනාගෙ (ලේලිගේ පියා) දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් මස්සිනාගේ ඉල්ලීම මත උදව්වක් කරාවි කියලා හිතෙනවා... ඒ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ඔහුට වඩා ලොක්කෙක් නැහැ...!
නැගීසිටිය හැක එක්සත්වී බෙදී ගියොත් රට යයි සුන්වී... කියලා ගීතය අහලා තියෙනවා නම් අපේ හාන්දුරුවනේ සිංහල මිනිස්සු ටික එකතු කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතන්නේ නැද්ද?
දෙවන මනාපෙත් එක්ක ඩීල් එකක් දාගන්න වගේ ඔට්ටුවෙන්නේ..!
වාංග මචන්, වාංග... ජනාධිපති තරඟෙට වාංග... එතකොට අපිට බලාගන්න පුළුවන් දෙමල්ලු ජෙප්පන්ට රැවටුණාද, රනිල්ට රැවටුණාද කියලා...
ඔය එන්නේ රනිල් එක්ක ඩීල් එකක් දාගන්න.. ඡන්දෙට කළින් දවසේ කියයි මම අස්වෙනවා. රනිල්ට ඡන්දෙ දෙන්න කියලා...