(දිලීප් ජයසේකර)

පසලොස්වක පොහොය ගෙවී යද්දී සූරියවැව කෙම්හත පුරාණ රජමහා විහාරයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව සූරිවැව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව, නමඩගස්වැව,සෙවනගල,මිද්දෙණිය හා තුංකම ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 06 දෙනෙකි.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අළුයම 03ට පමණ මෙම වැටලිම සිදුකර තිබේ.

සුරියවැව පොලිස් වස‍මේ කෙම්හත පුරාණ රජ මහා විහාරස්ථානයේ කෙම්හත ගලේ පිහිටි සෙල්ලිපිය ආසන්නයේ ඇති පොකුණට පහලින් පිහිටි ප්‍රදේශයේ සැකකරුවන් නිදන් ලබා ගැනීම සදහා කැනිම් සිදු කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.