
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි.
හමාස් සන්කාමීන් සහ ඊශ්‍රායලය අතරේ පවතින අර්බුදයට, මැජික් විසඳුමක් නොමැති බව ද ඊශ්‍රායල හමුදා ප්‍රධානියා අවධාරණය කර තිබේ. ඊශ්‍රායල හමුදා ප්‍රධානියා මෙසේ අවධාරණය කළේ මාධ්‍ය හමුවක් අතරතුරේ, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
අද වනවිට ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දීම ආරම්භ කර සති 11 කට වඩා වැඩි කාලයක් ගතවී තිබේ. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 20,915 ක් මියගොස් ඇතැයි පැවැසෙයි. තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 54,918 කි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අරම්භ වෙලා තියෙන්නේ නොනවතින සටනක්... මේ සටනේ අවසානය මුළු ලෝකයම ඉස්රායලයට විරුද්ධ වීමයි. ඒ යුදෙව්වන්ගේ අවසානයයි. මේ බව බයිබලයේත්, කුරානයේත් සඳහන්වෙලා තියෙනවා , එපමණක් නොව තමන්ව විනාශකිරීමට ජේසුතුමන් නැවත මේ ලෝකයට පැමිණෙන බව යුදෙව්වන් දන්නවා. එනිසා තමයි ඔවුන් ජේසුතුමන් පැමිණෙයි කියා සිතන ස්ථානය වටා ආරක්ෂා කරන්නේ... ඔබ ඊශ්‍රායලයට ගියොත් ඒ ස්ථානය බලන්න පුළුවනි, විශාල මිනිසුන් කිහිප දෙනෙක් පොලු තියාගෙන බලාගෙන ඉන්න ආකාරය...!