
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු චුන් පාන් රියදුරකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
සැකකරු සමඟ විවිධ ප්‍රමාණයේ බෝතල් 28 ක අඩංගු කර තිබූ නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු මිලි ලිටර් 37000 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1200 ක් පොලිස් බාරයට ගෙන ඇත.
චූන් පාන් රියදුරකු ලෙස කටයුතු කරන ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයකු නීති විරෝධී මත්පැන් අලෙවියෙහි යෙදෙන බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාට ලද තොරතුරකට අනුව ප්‍රගතිපුර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථය නවතා සිදුකළ පරික්ෂාවේදී පිටුපස පාන් අසුරන කොටසේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පැන් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු පින්තූරයක් කියලා බැලුවාම දැක්කේ... ඒවා වෙන තැනකින් කොපි කරපු එකක් කියලා... එහෙම පුළුවන්ද කරන්න...?