(සුමිත් ප්‍රේමතිලක)
කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට පෙර සවිකර ඇති සිසිටිවි කැමරා 60 කට වැඩි ප්‍රමාණයක් වසරක පමණ පෙරසිට අක්‍රීයව පවතින බව හෙලිව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
බන්ධනාගාර රැදවියෙකු පහරදීමකින් ඊයේ (26) මියයාම සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මේ බව හෙලිව ඇත.
බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවිකර ඇති සිසිටිවි කැමරා මෙසේ අක්‍රීයව තිබේ.
මියගොස් ඇති තැනැත්තා පහරකෑමට ලක්වූ බව කියන සී වාට්ටුවේ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්, එයද මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවත් , එය ක්‍රියාත්මකව තිබුනේ නම් සිදුවූ අපරාධයේ සුලමුල සොයාගැනිමට පහසුවන බවද පොලිසිය සදහන් කරයි.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ කළුතර බන්ධනාගාරයේ නම සදහන් නොකල උසස් නිළධාරීයෙක් මෙසේ පැවසීය. වසරකට පෙර සිට සීසීටීවී කැමරා පද්ධතියම අක්‍රීය වෙලා. එය බන්ධනාගාරයේ ආරක්ෂාවටද තරමක තර්ජනයක්. මේ පිළිබඳ උසස් මූලස්ථාන වෙත දැනුම් දී ඇතත් මුදල් ප්‍රතිපාදන ගැටලු නිසා ප්‍රමාද වෙලා යනුවෙන් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd