(රංජන් කස්තුරි)

දිවයින පුරා ඉකුත් 9 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සහ එය යථා තත්වයට පත් කිරීමට පැය පහකකාලයක් ගතවීම සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මාසික රැස්වීම ඉකුත් 20 වැනි දින පැවැති අවස්ථාවේ ලංවීම බලධාරීන් ඒ පිළිබඳ වගකීම බාරගන්නා බව ප්‍රකාශ කළේ යැයි ද ඔහු කීය.

හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වු අවස්ථාවක අතිරේක විදුලි ජනනයක් පවත්වාගත යුතු නමුත් එවි වැඩපිළිවෙළක් මණ්ඩලයට නෙැමිති බව ද ලංවීම බලධාරින් පැවැසූ බව ද සභාපතිවරයා පැවැසීය.