
(අංජුල මහික වීරරත්න)
ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමා සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම සංහිඳියාවට අදාලව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.
ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරන් පිළිගනු ලැබීය.
සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේට අපෙන් කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ... ඔය පුටුවේ වාඩි වෙන්න.
තැන තැන කියව කියවා යන පිස්සන් කොටුවෙන් පැන්න කෙනෙක්ව පොලිසිය හැමතැනම හොයනවා. මෙයාව අල්ලලා කඹයකින් ගැට ගහලා මානසික රෝහලට දැනුම් දෙන්න...
අවුරුදු 40 ක් දේශපාලනය කරලා, රට කාලා, මිනීමරලා, මහ බැංකුව හොරාකාලා, දැන් කියනවා එකතුවෙලා රට හදමුලු, හිරේ යන්න ලැහැස්ති වෙනවා ළඟදීම...!
ඔය මොනවා කරන්නත් මුලින්ම හොරුන්ව බලයෙන් නෙරපලා නඩු අදාලා උපරිම දඬුවම් කරන්න ඕනෑ. ඊට පස්සේ රටේ ආර්ථිකය පහසුවෙන්ම ස්ථාවර කර ගන්න පුළුවන් වගේම ජාතික ප්‍රශ්යනටත් නිවැරැදි විසඳුමක් ලැබෙනු ඇත.
ඔක්කොම එකතුවෙලා මටම වැඩේ දෙන එක තමයි කරන්නේ...
රෝහණ විජේවීර සහෝදරයාගේ පූර්ණ සමාජවාදී දේශපාලන දර්ශනය වෙනුවෙන් නැවතත් දිවිහිමියෙන් කැපවෙමු.. JVP අපි...!
ඔහේලා 77 ඉදලා තවමත් රට ගොඩනැඟීමට කතා කරනවා. අනේ මහත්තයෝ මේ දෙයියනේ කියලා විශ්‍රාම යන්න දැන්...!
බෙගල් කීමෙන් කිසිම පලක් නැහැ, ඔබෙ ඇරයුම පිලිගන්න සිතක් නැහැ, විමසන වදනට පිලිතුරු දෙන්නම්, ලගකදි ලබන දිනයේ.
ඡන්දයක් තියන්නකො එතකොට ජනතාව කැමති තීන්ඩුවක් ගනීවි
ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙන්නේ ඔයාට මිසක්, මහජනයා තුළ නොවේ.. ඉතාම සාම්කාමීව ඔවුන් ජීවත් වෙනවා. ප්‍රශ්න ඕනෑ පැවැත්වීමට..