IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කතරගම ප්‍රධාන කපු රාලට ඇප

(දිලිප් ජයසේකර සහ අමිල සම්පත් ශ්‍රී)

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද නියෝග කළේය.  

කොළඹ අපරාද දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු පසුව තිස්සාමහරාම අධිකරණයට ඉදිරිපත් කළේය. 

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා මීට පෙර ඇප මුදා හරිනු ලැබ සිටියි. 

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව අධිකරණයේ දි කියැවිණි.

 



අදහස් (22)

කතරගම ප්‍රධාන කපු රාලට ඇප

Rosa Wednesday, 27 December 2023 05:16 PM

අපි දන්නවා වෙන්නේ ඕකයි කියලා කොයි ලොකු එකා ඇල්ලුවත්... ලංකාවේ ඕනෙම දේශපාලුවෙක්, සල්ලිකාරයෙක්, ඕනෑම ලොකු පොරක් මොනවා කරලා අතේ අහු වුණත්, ලොකුවට සද්දේ දාලා අත්අඩංගුවට අරගෙන, පැය ගණන් ප්‍රශ්න කරලා පහුවෙනිදට ඇපදෙනවා. ඒකනේ වෙන්නේ... ලංකාවේ විතරමයි, මෙහෙම ගොන් නීති තියෙන්නේ... පොඩි එකෙක් කරලා අහු වුණොත් එයාට ඇපත් නෑ. මොනවත් නෑ...

:       1       74

TRUTH Thursday, 28 December 2023 11:25 AM

අපේ රටේ ඉන්න කකුල් දෙකේ හරක් මේ අය ගාවට ගිහින් පඳුරු දාලා පිහිට ඉල්ලනවා.. මොවුන් ලෝක හොරු...

:       0       0

chithra Wednesday, 27 December 2023 05:21 PM

එතකොට කපුවාව අගුණකොළ පැලැස්සේ හංගගෙන හිටපු, හිටපු බස්නායක නිලමේව අල්ලන්නේ නැත්තේ මොකද? රත්තරන් තැටිය දැන් රාජපක්ෂලාට පූජා කළාලු නේද?

:       6       67

RanjanWednesday, 27 December 2023 07:32 PM

අනේ දෙවියනේ, දෙවියන්ගේ පඬුරු හොරාකන කපුවන්ටයි, හොර බස්නායක නිලමේලාටයි දඬුවම් දුන මැනව...

:       0       0

amare Wednesday, 27 December 2023 05:33 PM

රන් තැටිය සාටකයෙන් වහලාලු...!

:       5       51

අරවින්ද මොනරවිල Wednesday, 27 December 2023 06:07 PM

අත්අඩංගුවට පත්වෙන්නේ, ඇප ලැබෙන්නේ තිර පිටපතට අනුවයි. ඒ නිසා කවුරුවත් කුපිත වෙන්නත් එපා, දුක් වෙන්නත් එපා... දැන් රන්තැටිය ටෙලි නාඩගම් මාලාවේ පළමුවන පරිච්ඡේදය අවසන්....!

:       4       41

ravin Wednesday, 27 December 2023 06:19 PM

මගේ මතකයට ආවේ නන්දා මාලිනියගේ යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න...//

:       4       29

Roshan Wednesday, 27 December 2023 06:30 PM

අහෝ දෙවියනි.... ඔබ කොහිද?

:       2       30

Prabha Wednesday, 27 December 2023 06:36 PM

ඇප ලැබුණේ නැතිනම් බන්ධනාගාර රෝහලට යන්න රෝද පුටුවේ ඇවිල්ලා...

:       1       30

don Wednesday, 27 December 2023 07:21 PM

කපුවා කපෝති... මෝඩ මිනිසුන්ගෙන් බහුල රටක මේ වගේ දේවල් නොවුණොත් තමයි පුදුමේ... විනෝදෙට සෙල්ලම් කළාම ළමයි හැදෙන රටක්නේ මේක...

:       0       0

Chamila Fernando Wednesday, 27 December 2023 08:18 PM

නීතිය කෝ?

:       0       0

Deepal Nirosh Wednesday, 27 December 2023 08:24 PM

කෝ දැන් රන් තැටිය? ඇත්තටම කවුද මේ අංගොඩ රන් තැටිය චිත්‍රපටයේ අධ්‍යක්ෂක නොහොත් මහ මොළකරු...!

:       0       0

Anura Pathirana Wednesday, 27 December 2023 08:30 PM

ඔහු ගත්තේ තැටියක් පමණයි... දෙවියන් එය පිළිගත්තේ නැහැ. අංගොඩ ලොක්කගේ නිසා ... වහාම කපුරාළ නිදහස් කරන්න... !

:       0       0

සමන්ත Wednesday, 27 December 2023 08:51 PM

හොරෙන් කොස් ගෙඩියක් කඩපු කෙනාට දවස් ගාණක් හිරේ රන් තැටිය හොරා කාපු එකාට ඇප...

:       0       0

සොමි අහිමි කපුවා Wednesday, 27 December 2023 09:17 PM

දැන් දේවාලයට එන අහිංසක වන්දනා කරුවන්ට අත දිග ඇරලා සිතන පතන දේ ලබා ගන්න වරම් දෙන්න පුළුවන් වෙයි.

:       0       0

Palitha Wednesday, 27 December 2023 09:27 PM

තරිඳු සිල්වාට කීයක් ලැබුණාද දන්නේ නෑ...!

:       0       0

pakeer Wednesday, 27 December 2023 10:59 PM

කොහොමත් දේවාලෙට ලැබෙන දේ අයිති කපුරාළට කියලා... එක කපුවෙක් කියනවා මම දැක්කා ප්‍රසිද්ධියේම... ඉතින් ආයෙත් මොකටද ඕක හොයන්නේ..? අනික ඕක දේවාලේ තිබුණා.. හෝ නැත කියලා අපිට මොකද? අනික ලොකු අය කොහොමත් හොරු කියලා දන්නේ නැද්ද? හොරකන් නොකර ලොකු වෙන්න බැහැ. නිකන් කාලෙ කන වැඩ ඕවා...!

:       0       0

Bamunuarachchi Wednesday, 27 December 2023 11:01 PM

ඇවිද ගන්නත් බැරි කියලා පෙන්වන කෙනාද රන්තලිය අරන් පැන්නේ. කාවද මේ ගොනාට අන්දන්නේ...? නීතිඥයෝ විනිසුරුතුමාවද අන්දන්න හදන්නේ? අංගොඩ ලොක්කා හිටියා නම් ඕක දවසින් හොයලා. හැබැයි පොලිසියට වෙන්නේ කපුවා හොයන්න...!

:       0       0

පැරකුම් Thursday, 28 December 2023 07:16 AM

දේවාලයට ලැබෙන පුද පඩුරුවල පූර්ණ අයිතිය ඇත්තේ කපුවන්ට බව පිලිගත් සම්ප්‍රදායයි. මේ කපුරාලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කල නොහැක. තවත් එක් නාටකයක් ටික දිනකින් නිමාවනු ඇත.

:       0       0

Nimal Thursday, 28 December 2023 08:29 AM

කපුවා කපෝති...!

:       0       0

Lalla Thursday, 28 December 2023 09:10 AM

මෙම ඇදහිලි තනිකරම මිත්‍යාව පිරිච්ච හොර කපුවන්ට අතේ තියෙන පිච්චිය පුදකරන නිෂ්ඵල දෙයක් කියලා තේරෙනවා නේද? රටපුරාම තියෙන දේවාල වර්ජනය ක්‍රියාත්මක කිරීම හොඳම විසඳුම.. පන්සල්වල දේවාලත් ඇතුලුව... ඒවා කපුවන් සමග චීවරධාරීන් තරකිරීම සඳහා අටවාගත්තු මගඩි... අනික දේවාල බොහෝමයක් පලාතේ දේශපාලන බලවතුන්ට ගෑවුණු දේවල්. කතරගම රාජපක්ෂ පවුලේ බූදලයක්. ශෂීන්ද්‍ර කලක් බස්නායකකම කළා මතකද? කොහොමද ආදායම...?

:       0       0

TRUTH Thursday, 28 December 2023 11:23 AM

අපේ රටේ ඉන්න හරක් මේ අය ගාවට යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 339 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 163 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 372 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1290 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 773 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 820 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site