මැන්චෙස්ටර්හි පිපිරීමකින් 22ක් මරුට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි පැවැති ඇමෙරිකා ජාතික ගායිකා ආරියානා ග්‍රාන්ඩේගේ ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව මේ වනවිට 22 කු ජීවිතක්ෂයට පත්ව 59 දෙනෙක් තුවාල ලබා සිටිති. 23 May 2017
නීති විරෝධීව රත්රන් ගෙන යාමට හැදූ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට සිය ගුද මාර්ගයේ සහ ශරීරයේ අභ්‍යන්තරයේ සඟවා ගෙන ඉන්දීය රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා රත්රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු ඉන්දිය රේගු බලධාරීන් කණ්ඩායමක් විසින් මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. 23 May 2017
‘කොමිෂන් සභා 9 ම තවමත් අත්හදා බැලීමේ තත්ත්වයේ‘ - ජනපති වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පිහිටවූ කොමිෂන් සභා තවමත් ඇත්තේ අත්හදා බැලීමේ තත්ත්වයක බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 23 May 2017
මාවනැල්ලේ පස්කන්දකට යටවූ දෙදෙනකු සොයයි මාවනැල්ලේ ඉදිකිරීමක් කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටී යටවූ එක් අයකු මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනකු සොයා සෝදිසි මෙහෙයුමක් සිදු කරන බවත් පොලිසිය කියයි. 23 May 2017
කහවත්තේ වෙළඳසලක් ගිනිගනී කහවත්ත නගරයේ වෙළඳසලක අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි. 23 May 2017
කැබිනට් සංශෝධනය මහ විහිළුවක් කැබිනට් සංශෝධනය මහ විහිළුවක්, මේ එළඹෙමින් තියෙන්නේ නාටකයේ අවසන් ජවනිකාව යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර බද්දේගම සමිත හිමියෝ පවසති. බද්දේගම සමිත හිමියෝ මේ බව කියා සිටියේ අද (23) බද්දේගම දී පැවැති ජනහමුවක දීය. 23 May 2017
පුත්තලමේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන පහකට තුවාල පුත්තලම - එළුවන්කුළ මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන , වසා තිබූ කඩයක වැදී පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ ඇතුලත් කළ බව පුත්තලම පොලීසිය කියයි. 23 May 2017
උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි - සිවාජිලිංගම් උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුලදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සදුදා (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 23 May 2017
දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය හෙට(23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමැටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. 22 May 2017
නියෝජ්‍ය - රාජ්‍ය ඇමති තනතුරුත් වෙනස් වෙනස්වන හැඩ ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි සඳහන් කරයි. 22 May 2017
ලක්ෂ 39 ක් සාපරාධීව පරිහරණය කළේ යයි මහින්දානන්දට අධිචෝදනා වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් තවත් නඩුවක් පවරන ලද අතර එහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද (22) බාර දුන්නේය. 22 May 2017
අනුර දිසානායක ‘ඇමතිවරයා‘ යන්නෙහි අර්ථදැකීම ගැන නීති උපදෙස් සොයයි අමාත්‍යවරයෙක් හා අමාත්‍යධුරයක් යන්න පිළිබඳව අර්ථදැක්වීමක් අවශ්‍ය වන බවත් මේ පිළිබඳව නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයෙන් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කර තිබේද යන්න පිළිබඳව සලකා බලා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (22) පැලවත්තේදී පැවසීය. 22 May 2017
අධිකරණය විවේචනය කිරීමේ චෝදනා පත්‍රය වෛද්‍ය පාදෙණියට බාරදෙයි මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපාහාසයක් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය අභියාචනාධිකරණය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට අද (22) බාර දෙනු ලැබීය. 22 May 2017
ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු සෞදියේ දාරියා පොලිසියට යති සෞදි අරාබියේ බලහත්කාරයෙන් රඳවාගෙන වකුගඩුවක් ලබා ගැනීමට උත්සාහ කරන බවට පැමිණිලි කළ ශ්‍රී ලාංකික කාන්තාව සේවය කරන නිවස පිහිටි ‘‘දාරියා’’ ප්‍රදේශය බාර පොලිසියට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද (22) යැවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධව දේශප්රීය මහතා ලංකාදීපයට පැවැසීය. 22 May 2017
3000 ක හොර සල්ලි තබාගත්තාට 10,000 ක දඩ සමග සිර දඬුවම් රුපියල් 1000 ව්‍යාජ මුදල් නොට්ටු තුනක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයකුට වසර 3 1/2ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරයස් මහතා රුපියල් 10,000/-ක දඩයක්ද ඔහුට පැනවීය. 22 May 2017
ධර්මලිංගම් ත්රස්තවාදයට එරෙහි නව පනත පරාජය කිරීමට සූදානම් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හා ත්රස්තවාදයට එරෙහි නව පනත පරාජයට පත් කිරීම සදහා සුළු පක්ෂ සමගින් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවත් මෙම සාකච්ඡා ඉදිරි සතියේදීම ආරම්භ කරන බවත් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 22 May 2017
ඉන්ද්‍රකාන්ති ගෙන්වා ගැනීමට මානව හිමිකම් කොමිසමේ අවධානය වකුගඩුවක් ගලවාගන්නා තුරු ශ්‍රී ලංකාවට එන්නට නොදී සෞදියේ සිරකරගෙන සිටිනා බව කියන කාන්තාව සම්බන්ධයෙන් වහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඊයේ (22) රජයේ ආයතන කිහිපයකට දැනුම් දුන්නේය. 22 May 2017
මිලියන දෙකක ව්‍යාජ නෝට්ටු දෙන්න හැදුවාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ රුපියල් මිලියන දෙකක් වටිනා රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දුලාංජලී පේ‍්‍රමදාස මහත්මියට ලබාදීම සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ පහක දඩයක්ද අද (22) නියම කළේය. 22 May 2017
ජනපති මෛත්‍රීපාල ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (24) පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රාශියකට සහභාගිවීමට නියමිතය. 22 May 2017
වෙඩි තැබීමට ආධාර අනුබල දුන්නා යයි තිදෙනෙක් රිමාන්ඩ් පිළියන්දල මොරටු පාරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට වෙඩි තැබු පුද්ගලයන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය. 22 May 2017
එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී. එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි. 22 May 2017
මධුසමය දා මනාලිය පැහැරගනී විවාහක යුවළක් කොච්චිකඬේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගත කරමින් සිටියදී එම හෝටලයට කඩාවැදුණු මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතුව තිබූ දේපොළ ද පැහැරගෙන මනාලිය ද රැගෙන පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඬේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 22 May 2017
සති දෙකේ දරුවා 50,000 කට විකුණලා සති දෙකක් වයසැති තම දරුවා රුපියල් 50,000ක මුදලකට විකුණු බව කියන මවක් මහබාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 22 May 2017
වාසුදේව ජාතික රෝහලේ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 22 May 2017
බලතල ඉල්ලීමෙන් සංහිඳියාවක් ඇතිවන්නේ නෑ: මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙන වෙනම බලතල ඉල්ලීම තුළ සංහිඳියාවක් ඇති නොවන බවත් සංහිඳියාව වෙනුවෙන් කැපවෙනවා නම් සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඉකුත් 20 වැනිදා පැවැසීය. 22 May 2017
කැබිනට් ඇමැතිවරු නව දෙනෙක් දිවුරුම් දෙති නව කැබිනට් ඇමැතිවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු අද(22) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 22 May 2017
අනුරාධපුර එළිමහන් සිරකඳවුරෙන් රැඳවියෙක් පළායයි අනුරාධපුර එළිමහන් සිරකදවුරේ රැදවියකු අද (21) පස්වරු 6.00 ට පමණ සිර කදවුරෙන් පළා ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. මෙම රැදවියා පලාගල කිරිදිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 22 May 2017
වකුගඩුවක් ගලවාගන්න ශ්‍රී ලාංකික කතක් සෞදියේ රඳවාගෙන වකුගඩුවක් ගලවාගන්නා තුරු නැවත සියරට එන්නට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිති. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි. 21 May 2017
ඇමැති ධුර 14ක් හෙට වෙනස් වෙන ලකුණු හෙට (සඳුදා) කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එජාපයට හිමි ඇමැතිධුර අටක ද ශ්‍රීලනිපයට හිමි ඇමැතිධුර හයක ද සංශෝධනයක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග කියයි. 21 May 2017
නව ලක් තානාපතිවරුන් දෙදෙනෙක් ජර්මනිය සහ ප්‍රංශය සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 21 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026