(ඩයනා උදයංගනී)
මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මොරටුව සිට කොළඹ දක්වා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මංතීරු 3 කින් සමන්විත මාර්ග ප්‍රදේශවල ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සතියේ දිනවල උදෑසන 6 සිට උදෑසන 9.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක කරන අතර එම ප්‍රමුඛතා මංතීරුවල පුද්ගලික සහ ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථවලට ද ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව අගෝස්තු 15 දින සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, අගෝස්තු 22 සිට කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 දින සිට බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වා සහ ටවුන්හොල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් මෙම ප්‍රමුඛතා මංතීරුව කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේකට වැරදි හොයන පිරිස?
තවත් ටිකක් සංකීර්ණ කරලා ක්‍රියාත්මක කළා නම් තමා වඩාත් හොඳ!!!
හවසට මොකද වෙන්නේ?
මෙය ඉතා හොඳ ක්‍රියාවකි. පොදු ප්‍රවාහනය හොඳින් ක්‍රියාත්මක වෙන රටක මාර්ග තදබදය හොඳින් පාලනය කරගත හැක. මගීන් වන අපටද වගකීමක් තිබෙන අතර අවංක පොලිස් නිලධාරීන්ගේ සේවය මෙයට හොඳින් අවශ්‍ය වේ. ඒ වගේම හොඳ රියදුරු මහත්වරුන්ව අගය කලයුතු අතරම අවනීත රියදුරු "මහත්තයන් හට" දැඩි දඬුවම් දී මාර්ගවලින්ද ඉවත්කල යුතුය.
බස් රියදුරන්ටවත්, බස් සංවිධානවල අයවත් දන්නේ නැහැ... බස් තුළ අධික ශබ්දය ගැන කරුණාකරලා මෙයට විසඳුමක් දෙන්න. පින් සිදුවෙයි.
මොන ප්‍රමුකතා දුන්නත් ප්‍රයිවට් බස් රියදුරෝ කොට කොට යන්න ගත්තහම කාටවත් වෙලාවට යන්න බැහැ.